ඇමති අලි සබ්රිගේ වැඩට ඇඟිලි ගහන්න ඥානසාර හිමිට ඉඩ දෙන්නේ නැහැ – ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති කියයි

අධිකරණ ඇමතිවරයාගේ හෝ අමාත්‍යංශයේ හෝ කටයුතුවලට මැදිහත්වීමට ගලගොඩ අත්තේ ඥානසාර හිමිට හෝ අලුතින් පත්කළ කාර්ය සාධක බලකායට හෝ ඉඩ නොදෙන බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අලි සබ්රි ඇමතිවරයාට පොරොන්දු වී ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි.
ජනාධිපතිතුමා පවසා ඇත්තේ ‘එක රටක් එක නීතියක්’ කාර්ය සාධක බලකාය පත්කරන ලද්දේ තමන්ට ඒ පිළිබඳව උපදෙස් ලබාගැනීමට පමණක් බවයි. නීති සම්පාදනයට හෝ අධිකරණ අමාත්‍යාංශයේ කටයුතුවලට මැදිහත් වීමට ඥානසාර හිමියන්ට ඉඩ නොදෙන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කොට ඇත.
තම ඇමති ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීම සඳහා අලි සබ්රි ඇමතිවරයා ඉදිරිපත් කළ ලිපි දෙකක් ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිතුමා මෙම කරුණු ප්‍රකාශ කොට තිබේ.
අලි සබ්රි ඇමතිවරයාගේ කටයුතු පිළිබඳව තමා පැහැදීමෙන් සිටින බව ද ජනාධිපතිතුමා වැඩි දුරටත් පැවසු බව ද වාර්තා වෙයි.
