ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතිය තුල පවතින ව්‍යුහාත්මක ගැටළු – මහාචාර්ය රොහාන් සමරජීව

පසුගිය සය මසක කාලය තුල සමස්ත දිවයිනටම බලපාන පරිද්දෙන් සිදුවූ විදුලිය බිඳවැටීම් තුන පිළිබඳව සොයා බලනු පිණිස රජය විසින් කමිටු කිහිපයක් පිහිටුවා ඇත.  මෙම බිඳවැටීම් වලට හේතු වූයේ කිසියම් යාන්ත්‍රික කොටසක් නිසි පරිදි නඩත්තු නොකිරීම හෝ පද්ධතියේ පැවැත්මට ප්‍රමාණවත් පරිදි ප්‍රතික්‍රියක විදුලිබලය සපයා තිබුනේද වැනි තාක්ෂණික හේතූන්ද එසේත් නැතිනම් ඊට වඩා ගැඹුරු ව්‍යුහාත්මක දුර්වලතාද යන්න මෙම කමිටු විසින් සලකා බලනු ඇතැයි අපේක්ෂා කරමු.

යටිතල පහසුකම් අර්ථ ශාස්ත්‍රයේ දී සේවාවේ ගුණාත්මක බව පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් කැරෙන විශ්ලේෂණයන්හී ප්‍රථම උපකල්පනයන් වනුයේ දිරිගැන්වීම් සුදුසු පරිදි තුලනය නොවී තිබීම සහ ක්ෂේත්‍රය තුල ප්‍රමාණවත් ආයෝජනයක් නොතිබීම යන කරුණුය.  2002-2004  කාලයේ දී විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණයන්  සම්බන්ධයෙන් කටයුතු කිරීමෙන් ලබා ගත් අතිරේක දැනුමක් (සම්පූර්ණ වශයෙන් තත්කාලීන නොවන්නට ඉඩ ඇතත්) ද මා සතුව පැවතිනි.

දෙමටගොඩ පිහිටි පද්ධති පාලන මධ්‍යස්ථානය නවීන විදුලිබල ජාලයකට අනුචිත, යල් පැන ගිය එකකැයි අසා තිබූ හෙයින්, වෙනත් කටයුත්තක නිරතව සිටි විදේශික ඉංජිනේරු උපදේශකවරයකුගෙන් ඒ පිළිබඳව අදහස් විමසුවෙමි.  වෙනස්වන ඉල්ලුමට අනුව ඒ ඒ ක්ෂණයෙහිම පාහේ සැපයුම තුලනය කිරීමේ පවතින අවශ්‍යතාවය සලකා බැලූවිට පද්ධති පාලන මධ්‍යස්ථානයට අතිශය නවීන වූ සංනිවේදන ධාරිතාවක් තිබිය යුතුය.  වත්මන් පද්ධති පාලන මධ්‍යස්ථානවල වෙසෙසින්ම ස්වයංක්‍රීය වූ ඇල්ගොරිතම ද භාවිත වේ.  සැපයුම සමග ඉල්ලුම තුලනය කිරීමට කිසියම් හේතුවක් නිසා පද්ධති පාලන මධ්‍යස්ථානය අසමත් වුවහොත් පද්ධතිය ආරක්ෂාකාරී සීමාවන් ඉක්මවා යන අතර ප්‍රතිපලය වනුයේ පුළුල් ප්‍රදේශයක විදුලිය බිඳ වැටීමයි.

දෙමටගොඩ පද්ධති පාලන මධ්‍යස්ථානය බැලීමට ගොස් පැමිණි විදේශික  උපදේශකවරයා මට කියා සිටියේ ඉතා දුෂ්කර  තත්වයන් යටතේ සිය සේවය ඉටු කරන ඉංජිනේරුවන් පිළිබඳව අප ආඩම්බර විය යුතු බවයි.

රෝග ලක්ෂණ

ඒ 2003 වර්ෂයේ දී පැවති තත්වයයි.  මේ වසරේ මාර්තු 13 වැනි දා තුන්වෙනි වරටත් විදුලිය බිඳවැටීමෙන් අනතුරුව පද්ධති පාලන මධ්‍යස්ථානය නවීකරණය කර ඇතිදැයි සොයා බලන්නට මම සිතුවෙමි.  ශ්‍රී ලංකාවේ මහජන උපයෝගිතා කොමිෂන් සභා වෙබ් අඩවිය තුල සම්ප්‍රේෂණ වාර්තා පල කර තිබුනද ඒවායේ මවා තිබූ පින්තූර ඉතා සුන්දර ඒවාය.  වසරෙන් වසර දියුණුවන කාර්යසාධන දර්ශකයන් ද සහිත හොඳින් ක්‍රියාත්මක වන විදුලි බල ජාලයක් පිළිබඳව ලියැවී තිබූ වාර්තාවල පද්ධති පාලන මධ්‍යස්ථානය සම්බන්ධයෙන් කිසිවක් සඳහන්ව තිබුනේ නැත.  මේ සම්බන්ධයෙන් තවදුරටත් කරන ලද සොයා බැලීම් වලින් දැනගන්නට ලැබුනේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 17.1 ක අරමුදල් යොදාගනිමින් පද්ධති පාලන මධ්‍යස්ථාන නවීකරණය කිරීම උදෙසා 2012 වර්ෂයේ දී අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බවයි.  මේ කාර්යය සඳහා යූරෝ මිලියන 7 ක වටිනාකමින් යුත් ටෙන්ඩරයක්  2014 නොවැම්බර් මාසයේ දී Alstom T&D India සමාගමට ලබා දී තිබේ.

ටෙන්ඩරය ලබා දී මාස 15 ක් ගත වූ පසුව ද මධ්‍යස්ථානය නවීකරණය කර ක්‍රියාත්මක කිරීමට අසමත් වී ඇතත් මෙයින් එක් දෙයක් ඔප්පු වේ.  එනම්, වසර 12 කට පෙර මා දැනගත් කරුණ අසත්‍යයක් නොවන බවයි.  නව පද්ධති පාලන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ගන්නා ලද තීරණය පැරණි මධ්‍යස්ථානයේ අප්‍රමාණවත් බව නිල වශයෙන් පිළි ගැනීමකි.  එහෙත්, එය ඉදිකිරීම සඳහා වන ටෙන්ඩරය ලබාදීමට එතරම් පමා වූයේ මන් ද? ටෙන්ඩරය ලබාදීමෙන් මාස 15 කට පසුව ද  නව මධ්‍යස්ථානය ක්‍රියාත්මක නොවන්නේ ඇයි?

රූපවාහිනී සාකච්ඡාවක දී මවිසින් මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ දී විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙකු වන බන්දුල තිලකසේන මහතා විසින් ලබාදුන් ප්‍රතිචාරවලින් ඉහත කී ප්‍රශ්න වලට පිළිතුරු ලැබින.  ඔහු පැවසූයේ පද්ධති පාලන මධ්‍යස්ථානයේ තිබූ අඩු ලුහුඬුකම් සම්බන්ධයෙන් 2000 වසරේ දී සිටම විදුලිබල මණ්ඩලය දැනුවත්ව සිටි බවයි.  එහෙත්, ප්‍රසම්පාදන දුෂ්කරතාවයන් හේතුවෙන් 2014 වර්ෂය තෙක්ම ඒ සඳහා පිළියම් යෙදීමට නොහැකි විය. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා පවසා සිටියේ 2009 වර්ෂයේ සමස්ත දිවයිනටම බලපාන පරිදි විදුලිය බිඳ වැටීමක් සිදුවීමෙන් අනතුරුව මේ අඩූ පාඩු වලට  පිළියම් යොදන ලෙස කොමිෂන් සභාව විසින් නිල වශයෙන් දන්වා තිබුණු බවයි.

රටේ මධ්‍යම ප්‍රදේශයේ සිට මහ කොළඹට විදුලිබලය සම්ප්‍රේෂණය කිරීමේදී බියගම උප මධ්‍යස්ථානය අත්‍යවශ්‍ය පුරුකක් වූ බවත්, ඒ හේතුවෙන් මුළු ජාලයටම එය අවදානමක් වූ බව විදුලිබල මණ්ඩලය දැන සිටි බව තවදුරටත් කරන ලද අදහස් දැක්වීමක දී තිලකසේන මහතා විසින් හෙළි කරනු ලැබින.  කොළඹ පර්යන්ත ප්‍රදේශ ඔස්සේ විදුලිබල ජාලය දිගු කිරීම් තුලින් මෙම අවදානම අඩු කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගෙන තිබුනත් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඒ සඳහා අරමුදල් ලබාගැනීමට නොහැකි වූ බව ද එහි දී පැවසිනි.

විශාල වූත් සංකීර්ණ වූත් පද්ධතියක ඇති  උපකරණ වල කුමන හෝ ඇණහිටීම් සිදුවීම වැලැක්විය නොහැක්කකි.  එහෙත්, ප්‍රත්‍යස්ත සැලසුම් සහ මනා ක්‍රියා පටිපාටීන් යොදා ගැනීමෙන් එක් උප පොලක ඇතිවන සුළු  ඇණහිටීමක් සමස්ත පද්ධතිය පුරාවට ගලා ගොස් රට පුරා විදුලිය ඇණහිටීමක් සිදුවීම වලක්වා ගැනීමට හැකි වනු ඇත.

රෝග නිධානය

ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියේ පවතින  පහසුවෙන් බිඳෙන සුළු ස්වභාවයට හේතුව දැන් වටහා ගත හැකිය. ඒ, අවශ්‍ය තැන්හි අවශ්‍ය අවස්ථාවෙහි ආයෝජනය කිරීම සඳහා රුපියල් බිලියන 500 වත්කම් සහිත දැවැන්ත ව්‍යවසායයක් වන ලංකා විදුලිබල මණ්ඩලයේ නොහැකියාවයි.  මේ ආකාරයේ ලැජ්ජා සහගත ඇණහිටීම් වලක්වා ගැනීමට දිරිගැන්වීම් නොමැති වීම අතුරු හේතුවකි.

පහළ මධ්‍යම පංතික රටක් වන ශ්‍රී ලංකාවේ අපි, සතියේ දින හත පුරාම ද දිනයේ පැය විසිහතර පුරාම ද විදුලි සැපයුම ලබන්නට පුරුදුව සිටින්නෙමු.  මෙය, උපස්ථ බලශක්ති ප්‍රභවයන් ලක ලෑස්ති කරගෙන ඕනෑම වෙලාවක විය හැකි විදුලි සැපයුමේ කඩා වැටීමකට සුදානමෙන් සිටින වෙනත් දකුණු ආසියානු රටවල ගෘහස්ත මෙන්ම වාණිජ පාරිභෝගිකයිනට නොලැබෙන හොඳ තත්වයකි.  සැලසුම් නොකර සිදුවන විදුලිබලය ඇණහිටීම් වලින් සිදුවන ආර්ථික පාඩුව බෙහෙවින් ඉහළය.  එය, විදුලි බලය නොමැති වීම නිසා සිය පාරිභෝගිකයිනට සේවා සැපයීමට අසමත් වන රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සිට ශීතකරණ ක්‍රියාත්මක නොවීම නිසා සිය ඖෂධ විසි කර දමන්නට සිදුවන රෝගීන් දක්වා විශාල පරාසයක් තුල පැතිර තිබේ.  මේ සියල්ල සත්‍ය වුව ද පහසුවෙන් යථා තත්වයට පත් කර ගත හැකි විදුලිබල ජාලයක් ගොඩ නගා ගැනීමට සහ නඩත්තු කරගැනීමට ආසියානු සංවර්ධන බැංකුවේ ලැබෙන හව්හරණ නැතිව අපි තවමත් ලතැවෙමින් සිටිමු.

ශක්තිමත් විදුලිබල ජාලයක් නඩත්තු කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමේ හැකියාවක් ලංකා විදුලිබල මණ්ඩලයට නොමැති බව පෙනේ.  අවශ්‍ය නියම අවස්ථාවට විදුලිබල මණ්ඩලයට අරමුදල් ලබා දීමේ හැකියාවක් රජයට ද නොමැති බව පැහැදිලිය.  අතිශය වැදගත් පද්ධති පාලන මධ්‍යස්ථානයේ නවීකරණය වසර 14 ක් තිස්සේ පමා වී ඇතත් එහි වගකීම භාර ගැනීමට කිසිවෙක් නැත.  පද්ධති පාලන මධ්‍යස්ථානය නවීකරණය උදෙසා කොන්ත්‍රාත්තුව ලබාදීමෙන් පසුව ද එම ව්‍යාපෘතියේ දක්නට ලැබෙන මන්දගාමීත්ව දෙස බලන විට පැහැදිලිවන්නේ කිසියම් කාර්යයක් නියමිත කාලයට සහ නියමිත ප්‍රමිතියට අනුකූලව කරවා ගැනීමේ හැකියාව, විදුලිබල මණ්ඩලයේ විධායක නිලධාරීන් කිසිවකු ගේ ප්‍රමුඛ කාර්යසාධන දර්ශක තුලට අඩංගු කර නොමැති බවයි.

පිළියම

පවතින ගැටළුව ව්‍යුහාත්මක එකකි. එබැවින්, විසඳුම ද ව්‍යුහාත්මක එකක් විය යුත්තේමය.  චර්යාත්මක විසඳුම් ඉදිරිපත් කිරීම නිෂ්පල කරුණකි.

සන්නද්ධ හමුදාවන් හැරුණු කොට ශ්‍රී ලංකාවේ පවතින විශාලතම ව්‍යවසාය රටේ තීරණාත්මක යටිතල පහසුකමක් පවත්වා ගෙන යාම උදෙසා ජාත්‍යන්තර සංවර්ධන ණය දෙන ආයතන වෙත සිඟමනේ යාම සිදුවිය යුත්තක් නොවේ.  අනිවාර්යයෙන්ම ලැබෙන ආදායමක් ද ඇති වාණිජ ව්‍යවසායයක් වන එම ආයතනයට, සිය අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා අරමුදල් උපයා ගැනීමේ හැකියාව තිබිය යුතුය.

විදුලිබල ක්ෂේත්‍රයේ සියළු පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය සහිතව 1999-2001 විදුලිබල මෙහෙයුම් කමිටුව විසීන් යෝජනා කරන ලද ව්‍යුහාත්මක වෙන් කිරීම වහාම සිදු කළයුතුය.  එවිට, සම්ප්‍රේෂණ බලපත්‍රලාභියාට (TransCo) තමන් සපයන සේවාව සඳහා යෝග්‍ය ගාස්තු අය කිරීමට හැකිවේ.  ශක්තිමත් මෙන්ම ඔරොත්තු දෙන විදුලිබල ජාලයක් ගොඩ නංවා පවත්වා ගෙන යාම පිණිස අවශ්‍ය වන ප්‍රාග්ධන පිරිවැය ද මෙම යෝග්‍ය ගාස්තුව තුලට අඩංගු විය යුතු යැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඔප්පු කර පෙන්වන්නට එම ආයතනයට හැකි වනු ඇත.

ශක්තිමත් මෙන්ම ඔරොත්තු දෙන විදුලිබල ජාලයක් ගොඩ නංවා පවත්වා ගෙන යාම සඳහා උපකාර කිරීමට රජය කැමැත්තක් දක්වන්නේ නම් අවශ්‍ය මූල්‍ය සම්පත් රජයේ ඒකාබද්ධ අරමුදලින් සහනදායී පදනමක් මත TransCo සමාගමට ලබාදීමට රජයට හැකියාව තිබේ.  එය එසේ සිදු නොවුන හොත්, වෙනත් ආකාර වලින් (වැඩි පොලී යටතේ හෝ) ප්‍රාග්ධනය සොයා ගැනීමට Transco සමාගමට නිදහස තිබෙනු ඇත.  එසේ කිරීමට ඉඩ ලබා නොදුනහොත් බලපත්‍ර කොන්දේසිවලට අනුකූලව අඛණ්ඩව විදුලි සැපයුම ලබා නොදීමට හේතු මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විමසූ විට ඉතා සාධාරණ හේතුවක් දැක්වීමේ අවස්ථාව එම සමාගමට තිබෙනු ඇත.

මෙය පෞද්ගලිකකරණය යැයි වරදවා වටහා නොගත යුතුය.  වර්තමානයේ පවතින එක් ගැණුම්කරුවකු පමණක් ඇති තත්වය තුල අති විශාල වෙළඳපල බලයක් සහිත ජාතික විදුලිබල ජාලය වැනි රටේ වැදගත් යටිතල පහසුකමක් පෞද්ගලිකකරණය කිරීමට සාධාරණ හේතුවක් නැත.  මෙම කටයුත්තේ අපේක්ෂාව වනුයේ, ගැටළුවක් හඳුනාගැනීමෙන් අනතුරුව පිළියම් යෙදීමට වසර 14 ක් ගත නොකරන, අවධානයෙන් කටයුතු කරන සහ වගවීමෙන් යුතු ආයතනයක් නිර්මාණය කිරීමයි.    ප්‍රශස්ත සේවාවක් සැපයීම පිණිස කැපවීමෙන් කටයුතු කරන විධායක නිලධාරීන් කණ්ඩායමක් බිහිවනු ඇත්තේ එවන් ආයතනයක් තුලින් පමණකි.

මහාචාර්ය රොහාන් සමරජීව

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *