සජබයෙන් ඉවත් වුවත් ආණ්ඩුවට යන්න තරම් මෝඩ නෑ – සජබ මන්ත්‍රී හේෂා විතානගේ

සමගි ජන බලවේගයේ ආසන සංවිධායක තනතුරු වලින් ඉවත් වුවත්, පාරේ ගල් ගසා එලවා දමන තත්ත්වයට වැටී ඇති ආණ්ඩුවට එකතු වීමට තරම් තමා හෝ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මෝඩයින් නොවන බව හේෂ විතානගේ මන්ත්‍රීවරයා අද මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ ය.

පක්ෂයේ ලොම් හැලුණු නායකයින්ට තමන් පාලනය කළ නොහැකි බව කී ඒ මහතා පක්ෂය තුළ දක්ෂයන්ට සහ තරුණයන්ට ඉඩ දිය යුතු බව ද පැවසීය.

තමන් පක්ෂ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාට යැවූ ලිපිය ගැන දැන සිටියේ තමන් තිදෙනා බව කී විතානගේ මන්ත්‍රීවරයා එය මාධ්‍යයට නිකුත් වීම ගැන ද විමතිය පළ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *