බැඳුම්කර නඩුවට එරෙහිව රවි ගෙන් නඩුවක් !

බැදුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් කෝටි 1500 ක් පාඩු කළ යැයි චෝදනා කරමින් මහාධිකරණය හමුවේ තමාට එරෙහිව ගොනු කර ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කොට ඇත. ඒ සම්බන්ධයෙන් ලබන 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නීතිපතිවරයාට නොතීසි යවන්නැයි පෙත්සම්කාර පාර්ශවයට අභියාචනාධිකරණය නියම කර තිබේ.
එසේම එදිනට පෙත්සම සලකා බැලීමට ද අභියාචනාධිකරණය දින නියම කර ඇත.
බැදුම්කර ජනාධිපති කොමිසම මගින් දුන් නිර්දේශ මත තමාට එරෙහිව මෙම අධි චෝදනා පත්‍රය ගොනු කළ බවට නීතිපති පැවසුවද, එවැනි නිර්දේශයක් එම කොමිසම විසින් සිදු කර නොමැති බව මෙම පෙත්සම මගින් පෙත්සම්කාර රවී කරුණානායක මහතා ප්‍රකාශ කොට ඇත .
එබැවින් එලෙස අධි චෝදනා පත්‍රයක් ගොනු කිරීමට නීතිපතිට බලයක් නොමැති බවත්, මහාධිකරණය හමුවේ තමාට එරෙහිව ඇති එම අධි චෝදනා පත්‍රය බල ශූණ්‍ය කරන නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කාර රවි කරුණානායක මහතා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
2016 වසරේ මාර්තු 31 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ බැදුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් කෝටි 1500ක පාඩු සිදු කළ බවට චෝදනා කරමින් නීතිපති ගොනු කර ඇති අධි චෝදනා පත්‍රය අහෝසි කරන්නැයි ඉල්ලා රවි කරුණානායක මහතා ගොනු කළ මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , බැදුම්කර වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හා එහි සභාපතිවරයා නම් කරනු ලැබ ඇත.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම රිට් පෙත්සම අද කැඳවනු ලැබීය.
