රට පීඩනයට පත් වුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කුමන්ත්රණයෙන් බව හැකිනම් මාධ්‍ය ඉදිරියට ඇවිත් කියන්නැයි සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරනවා – එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර

රට පීඩනයට පත් වුණේ දින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කුමන්ත්රණයෙන් ඇති වූ දින 52 අර්බුදය නිසා බව හැකිනම් මාධ්‍ය ඉදිරියට ඇවිත් කියන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව එජාප මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අද පැවසීය.
එක පැත්තකින් ආර්ථිකයත් අනිත් පැත්තෙන් රජයේ සේවක ප්‍රශ්න ගුරු වැටුප් අර්බුද ඇතුළු වර්තමානයේ ප්‍රශ්න කන්දක් එක තැන ගොඩ ගැසීමට මූලික හේතුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මීට වසර තුනකට පෙර අද වැනි දිනක කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
“එදා අපේ නියෝජ්‍ය නායක සජිත් අගමැති කරන්නට උදව් වෙන ලෙස සිරිසේන ජනපති අපටත් කීප වරක්ම කිව්වා. මේ විපර්යාසය සිදුවූයේ එවැනි යටි ගේම් එකක් සමගයි.”
“වැස්සට තෙමෙමින් අහිංසක ගොවීන් රවට්ටන්නේ නැතිව තම අභියෝගය හැකිනම් බාරගන්නා ලෙස මා විපක්ෂ නායකවරයාට පවසනවා. සජිත්ට ආණ්ඩුවට විරුද්ධ වීමට මෙන්ම සිරිසේනට විරුද්ධවත් කතා කරන්නට බැහැ” යනුවෙන් ද එජාප මහලේකම්වරයා අද ( 26) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී කීය.
