සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීමට ජනාධිපති කන්දෙයි ; ඇඳිරි නීතිය තව සතියකින් දීර්ඝ කරයි

දැනට බල පැවැත්වෙන නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද එකඟත්වය පලකොට තිබේ. සෞඛ්‍ය බලධාරීන් සමග පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසුව ගත් මෙම තීරණය අනුව ලබන 13 දා , සඳුදා පෙරවරු හතර දක්වා ඇඳිරි නීතිය දීර්ඝ කොට තිබේ.
දැනට පනවා ඇති ඇඳිරි නීතියෙන් උපරිම ප්‍රයෝජනය ලැබීමට නම් කොවිඩ් තත්ත්වය තව දුරටත් පාලනය වන තෙක් තවත් සති දෙකක් රට වසා තැබීම අවශ්‍ය ය යන්න සෞඛ්‍ය බලධාරීන්ගේ මතය වී තිබේ. අවම තරමින් තව සතියක් වසා තැබිය යුතු බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබේ . ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා එයට එකඟත්වය ප්‍රකාශ කොට තිබේ.
වත්මන් වසන්ගත තත්ත්වය පිළිබඳව මුලින් ම අනතුරු ඇඟවූ අවස්ථාවේ මෙම තීරණය ගත්තේ නම් කොවිඩ් තත්ත්වය මීට පෙර වඩා හොඳින් පාලනය කරගත හැකි වන බව සොඛ්‍ය සේවයේ තතුදත් විද්වත්හු කියති. ඔවුන් කියන්නේ කල්තබා රට වස තැබුවේ නම් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ද මීට වඩා බොහෝ සේ අඩු කරගෙන් මේ වනවිට රට යළි විවෘත කළ හැකිව තිබු බව යි.
මේ වන විට කොවිඩ් රෝගීන්ගේ විශාල අඩු වීමක් නැතත්, රෝගය ව්‍යාප්ත වීම නැවතී ඇති බවත්, රෝගීන් අඩු වීමේ ප්රවනතාවක් ආරම්භ වී ඇති බවත්, සෞඛ්‍ය සේවා අංශ කියයි.
