තවත් ගැසට්ටුවක් ! සහල් – සීනිවලට උපරිම සිල්ලර මිලක් යළිත් !

 

සහල් සහ සීනිවලට උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ  (02) රාත්‍රී අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

මීට පෙර ද මෙබඳු ගැසට් නිවේදන නිකුත් කරනු ලැබුවා ද ඒවා මගින් මිල පාලනය කළ නොහැකි වී ය. මෙවර ආණ්ඩුව මෙම මිල පාලනය ක්‍රියාත්මක කිරීම සඳහා හදිසි නීතිය ක්‍රියාත්මක කොට ඇත.

ආණ්ඩුව ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව, කීරි සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125 ක් ද, සුදු සහ රතු සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 103 ක් ද, සුදු සහ රතු නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98 ක් ද, සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 95 ක් ලෙස ද රජය උපරිම සිල්ලර මිල පනවා තිබේ.

පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125 ක් සහ පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 128 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය පියවර ගෙන තිබේ.

ආනයනික සුදු සීනි කිලෝවක උපරිම තොග මිල රුපියල් 116 ක් වේ.

පැකට් නොකළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 122 ක් සහ පැකට් නොකළ දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125 ක් බව ද රජය මෙම ගැසට් නිවේදනය මගින් නියම කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *