ආණ්ඩුවේ මිලට සහල් දෙන්න බෑ ; සහල් මෝල් වහන්න මෝල් හිමියෝ තීරණය කරති

හදිසි නීති පනවා ආණ්ඩුව නියම කොට ඇති මිල ගණන්වලට සහල් ලබා දීමට නොහැකි බව තීරණය කොට ඇති ප්‍රධාන පෙළේ මෝල් හිමියන් තම සහල් මෝල් වසා තබන්නට තීරණය කොට ඇති බව වාර්තා වෙයි. මෙය සහල් මෝල් හිමියන් සාකච්ඡා කොට ගත්  සාමුහික තීරණයක් බව ද වාර්තා වෙයි.

වී සඳහා ගෙවා ඇති මිල අනුව රජය නියම කොට ඇති මිලට සහල් විකුණුව හොත් වී කෙටීම සඳහා විදුලිය සහ අනෙකුත් වියදම් සඳහාත්, සේවක වැටුප් සඳහාත් කරන වියදම් වත් පියවා ගත නොහැකි බව මෝල් හිමියන් ප්‍රකාශ කර ඇත. කොවිඩ් තත්ත්වය යටතේ මෝල් වසා  තැබූ විට අඩු තරමින් එම වියදම් ඉතිරි වන බව ඔවුහු කියති.

අවශ්‍ය නම් තමන් සතුව ඇති වී තොග රජයට ලබා දිය හැකි බව ද ඇතැම් මෝල් හිමියන් ප්‍රකාශ කොට තිබේ.

සියලු භාණ්ඩ සහ සේවා මිල ඉහළ ගොස් තිබිය දී ආණ්ඩුව සහල් මිල මෙලෙස පාලනය කිරීමට දරන උත්සාහය ප්‍රයෝගික නැති බවත්, එයින් සිදුවන්නේ ගොවියා මෙන් ම සහල් වෙළෙඳාමට සම්බන්ධ විශාල පිරිසක් අමාරුවේ දැමීම බව ද මෝල් හිමියෝ කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *