ඊයේ කොවිඩ් මරණ 67 ක් ; ආසාදිතයින් 2329 ක් වාර්තා වෙයි.

ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 67 ක් තහවුරු කරගෙන ඇති බවත්, නව ආසාදිතයින් 2329 ක් වාර්තා වී ඇති බවත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයන්හි සඳහන් ය.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ්  ආසාදිත මරණ  සංඛ්‍යාව 2203 කි.

මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 223,606 ක් ලෙස සටහන් වෙයි.

මින් ඉදිරියට එදිනම හඳුනා නොගන්නා කොවිඩ් මරණ වාර්තාවට ඇතුළත් නොකරන බව රජය අද ප්‍රකාශ කළේ ය.

ඒ අනුව මියයන සමස්ත රෝගීන් සංඛ්‍යාව දැනගත නොහැකි වනු ඇත.

කොවිඩ් රෝගය නිසා වෙනත් රෝග උත්සන්න වී මියයන රෝගීන්ගේ මරණ කොවිඩ් මරණ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට මීට අජය කටයුතු කළේ ය.

ඉන් පසුව ද මරණ විශාල ප්‍රමාණයක් වාර්තා වීම නිසා රජය නව පිළිවෙතක් අනුගමනය කිරීමට තීරණය කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *