බිලියන අටක චීන ණය ගෙවන්න සහන ක්‍රමවේදයක් !
දැන් ශ්‍රී ලංකාවට ගෙවන්න සිදුවී තිබෙන බිලියන අටක චීන ණය ගෙවීම සදහා සහනයක් ලබාදීමට චීන රජය එකග වී ඇති බව වාර්තා වෙයි . ඒ අතර යුආන් මිලියන 500ක ප්‍රධානයක් (රුපියල් කෝටි 1100ක් ) ලබාදීමටද ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමටද චීන රජය එකග වී ඇත .
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයේ දී මෙම එකගතා ඇතිවී තිබේ . දකුණු පළාතේ කාර්මික සංවර්ධනය සදහා චීන ආයෝජන ලබාගැනීමද මෙම සංචාරයේ අරමුණක් බව වාර්තා වීය .
