මහ බැංකුවේ වෙන්දේසියේ දී බැඳුම්කර විකුණාගන්න බැරිවෙයි

ශ්‍රී ලංකා මහබැංකුව ඊයේ පැවැත්වූ බැඳුම්කර වෙන්දේසියේ දී ඉදිරපත් කල බැඳුම්කර ප්‍රමාණයෙන් සියයට හැට පහකට වැඩි ප්‍රමාණයක් විකුණාගත නොහැකිව ඉතිරි වූ බව වාර්තා වෙයි.
වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 40,000 ක බැඳුම්කර ඉදිරිපත් කොට තිබුන ද , විකුණාගත හැකි වී තිබෙන්නේ මිලියන 13,919 ක් වටිනා බැඳුම්කර ප්‍රමාණයක් පමණකි. රුපියල් මිලියන 24,000 කට වැඩි වටිනාකමකින් යුතු බැඳුම්කර විකුණාගත නොහැකි වීය.
අතීතයේ දී සාමාන්‍යයෙන් සිදුව තිබෙන්නේ ඉදිරිපත් කරන බැඳුම්කර ප්‍රමාණයට වඩා විශාල වැඩි ප්‍රමාණයක් සඳහා ඉල්ලුම් ඉදිරිපත් වීමයි.
එසේ වුවද, මෑත කාලයේ තත්ත්වය සම්පුර්ණයෙන් වෙනස් වී තිබේ.
මෙලෙස බැඳුම්කර විකුණාගත නොහැකි වූ විට මහා බැංකුවට තව තවත් මුදල් මුද්‍රණය කොට වියදම් පියවාගැනීමට සිදුවන බවත්, එය තවත් ආර්ථික ගැටළු රැසකට හේතුවන බවත්, ආර්ථික විශ්ලේෂකයෝ කියති.
