අදත් කොවිඩ් ආසාදිතයින් 939 ක් අලුතින් වාර්තා වෙයි ; තවත් වැඩි වෙතැයි අනාවැකි !

කොවිඩ් 19 ආසාදිතයින් 939 දෙනකු අලුතින් හඳුනාගෙන ඇති බව රජය නිවේදනය කරයි.

ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 72,994 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වත්මන් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව ලෙස එඅජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු වාර්තාවල සඳහන් සංඛ්‍යාව වන්නේ 69,094 කි.

මේ අතර ඉදිරි සති කිහිපයේ දී ආසාදිතයින් හමුවීම තවත් වැඩි විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. ඇතැම් ප්‍රදේශවලින් රෝගීන් විශාල වශයෙන් හමුවීමට ඉඩ ඇති බව එම සංගමය වැඩි දුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *