අදත් කොවිඩ් ආසාදිතයින් 954 ක් ; ආණ්ඩුව තත්ත්වය වසන් කරන බවට චෝදනා !

කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 954 දෙනෙකු අද දිනයේ ද හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව මෙරටින් හමු වූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 72,055 දක්වා ඉහල ගොස් ඇත.

මෙයින් 68,756 ක් පසුගිය ඔක්තෝබරයෙන් පසුව වර්ධනය වූ වත්මන් කොවිඩ් රැල්ලේ ආසදිතයෝ වෙති.

ආණ්ඩුව කොවිඩ් ව්‍යාප්තියේ සත්‍ය තත්ත්වය වසන්කරන බවටත් . පීසීආර් පරීක්ෂණ කිරීමේ උනන්දුව ද අඩු වී ඇති බවත් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති චෝදනා කරයි.

කොවිඩ් රැල්ලේ පාලනයක් නොවීම නිසා බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම ද මාර්තු 15 දක්වා මසකින් කල් දමා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *