අදත් කොවිඩ් මරණ පහක් වාර්තා වෙයි ; එකතුව 375 යි

කොවිඩ් 19 ආසාදනය වීමෙන් සිදු වූ මරණ පහක් අද දිනයේ ද වාර්තා වීය.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 375 ක් දක්වා ඉහළ ගියේ ය.

අද දිනයේ මරණ වාර්තා වුයේ කොළඹ 5, වත්තල, අලුත්ගම ගම්පහ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලිනි.

මෙලෙස මියයන පිරිස අතර වැඩි දෙනෙකු වෙනත් රෝග සඳහා රෝහල් ගතවීමෙන් පසුව කොවිඩ් රෝගීන් ලෙස හඳුනාගනු ලැබුවෝ වෙති. මෙය හඳුනා නොගත් කොවිඩ් රෝගීන් විශාල පිරිසක් සමාජයේ සිටින බවට සාක්ෂියක් බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *