ජිනීවා මානව හිමිකම් සමුළුවේ ප්‍රතිඵලයක් – කොවිඩ් මෘතදේහ භුමදානයට ඉඩ දෙන බව අගමැති මහින්ද පාර්ලිමේන්තුවට කියයි

කොවිඩ් 19 ආසාදනය නිසා මියයන රෝගීන්ගේ මෘතදේහ භුමදානයට ඉඩ දෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
එස් එම් මරික්කාර් මන්ත්‍රීවරයා නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අගමැතිතුමා මෙම ප්‍රකාශය කළේ ය.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ රජය බරපතළ අභියෝගයකට මුහුණ දී සිටින බවත් , ශ්‍රී ලංකාව පිහිට පතා මුස්ලිම් රටවල් වෙත ආයාචනා කරමින් සිටින බවත්, “යුක්තිය” ඊයේ පලකළ පුවතකින් හෙළි කළේ ය.
ශ්‍රී ලංකාවට පැමිණෙන පකිස්ථාන අගමැතිට මුස්ලිම් වරුන් පැමිණිලි කිරීමේ උත්සාහය ගැන ද එහි දී හෙළිදරවු කෙරිණි.
මුස්ලිම් මෘතදේහ භුමදානයට ඉඩ දීම එම බලපෑම් හමුවේ ගත් ක්‍රියාමාර්ගයක් බව පෙනෙන්නට තිබේ.
රට ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා වීම වලක්වාගැනීමට මෙම තීරණය යම් තාක් දුරකට ඉවහල් වනු ඇත.
