අද ( 6 දා ) අලුත් ආසාදිතයින් 726 ක් ; සමස්තය 68,576 යි ; තව සාම්පල් ගොඩ ගැහිලා

කොවිඩ් 19 ආසාදිතයින් 726 දෙනෙකු අද දිනයේ හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව මෙරටින් වාර්තා වූ ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 68,576 ක් බව වාර්තා වෙයි.
වත්මන් රැල්ලේ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 65,177 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කොට ඇත්තේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ ප්‍රමාදයක් ඇති බව සහ ලැබෙන සාම්පල් ද ගොඩ ගැසෙමින් පවතින බව යි.
ඇතැම් පරීක්ෂනාගරවල වෙනත් පරීක්ෂණ සිදුකිරීම එයට එක හේතුවක් බව එතුමිය ප්‍රකාශ කළාය . ඉක්මනින් එම තත්ත්වය නිවැරදි කරන බව ඇය පැවසීය.
පරීක්ෂණ අඩුවීම නිසා වාර්තාවන ආසාදිතයන්ගේ ප්‍රමාණයේ අඩුවීමක් සිදු වී තිබිය හැකිය.
