දේශපාලන පලිගැනීම් කොමිසමේ තීන්දු කැකිල්ලේ තීන්දුවලටත් අන්තයි – ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා

දේශපාලන පලිගැනීම් ගැන පරීක්ෂා කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ තීන්දු කැකිල්ලේ තීන්දුවලට අන්ත බව ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා පවසයි.
පරීක්ෂණ කොමිසන් සභා පනත අනුව මෙබඳු කොමිසමකට අධිකරණ බලතල නැති බවත් ,එසේ වුව ද , මෙම කොමිසම අධිකරණයේ තීන්දු දුන් සහ විභාගවන නඩු පිළිබඳව තීන්දු දෙමින් එම විත්තිකරුවන් නිදහස් කිරීමට අධිකරණයට නියෝග කොට ඇති බවත්, කී ශ්‍රීනාත් පෙරේරා මහතා එසේ කළේ කුමන නීතියකින්දැයි ඉගෙන ගැනීමට තමන්ට යලිත් නීති විද්‍යාලයට යාමට සිදුව ඇති බවත් ප්‍රකාශ කළේ ය.
ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව ගැන මාධ්‍යයට කරුණු දක්වමින් ඒ මහතා කීවේ මිනීමැරුම් චෝදනාවට වරද කරුවකු වූ දේශපාලඥයකු නිදහස්කර ගැනීමේ අරමුණින් මෙම කොමිසම ක්‍රියාත්මක වී ඇති බව යි.
මිනීමැරුම් චෝදනා ලද දේශපාලඥයා නිදහස් කරන ලෙස කොමිසම නිර්දේශ කරන්නේ නඩුව විභාග කළ විනිසුරුවරියක් දේශපාලඥයකු සමග කතා කළ බව කියමින් නමුත් එම සාකච්ඡාව සිදු වී ඇත්තේ නඩු තින්දුවෙන් පසුව බවත් එහි දී කතාකොට ඇත්තේ පෞද්ගලික කරුණක් බව ද පෙන්වා දුන්නේ ය.
එමෙන් ම , අග විනිසුරුවරයා ඇතුළු ශ්‍රේෂ්ටාධිකරණයේ විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් මහාධිකරණයේ තීන්දුව ඒක මතිකව අනුමත කොට ඇති බව රජයේ නීතඥ වරුන් වසන් කරන බව ද පැවසී ය.
පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වූ බව කියන දුෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් ලෙස 22 දෙනෙකුගේ නම් වාර්තාවේ සඳහන් කොට ඔවුන්ට එරෙහිව පොදු දේපළ අයුතු භාව්තය ගැන චෝදන එල්ල කොට ඇති බවත්, එහි නම් සඳහන් ඇතැමුන් එබඳු කමිටුවකට තමන් පත්කොට ඇති බවක් හෝ මෙම වාර්තාව එනතෙක් දැන නොසිටි බව ද හෙළි කළේ ය. පත්වීම් ලිපියක්, දීමනාවක් ආදී කිසිවක් ලබා නැති එම පිරිස කිසිදු රැස්වීමකට ද සහභාගී වී නැත.කොමිසම වරදකරුවන් කොට ඇත්තේ එබඳු පිරිසකි. එමෙන් ම , නීතිපතිගේ උපදෙස් මත සහභාගී වූ නිලධාරියට ද චෝදනා ගොනු කොට තිබේ.
නීතිපති විසින් අධිකරණයේ අධි චෝදනා ගොනු කළ විට එහි සාක්ෂි මෙහෙය වීම රජයේ අධිනීතිඥ වරයකුට පැවරෙන බවත් , එලෙස නඩු මෙහෙය වූ අධිනීතිඥවරුන්ට මෙම කොමිසම විත්තිකරුවන් ලෙස චෝදනා එල්ල කොට ඇති බවත් පැවසු ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා කීවේ කැකිල්ලේ රජුවත් මෙබඳු පාදඩ වැඩ නොකරන බව යි.
දින 200 ක් පමණ රැස් වූ කොමිසම නඩු 150 සම්බන්ධයෙන් තීන්දු දී ඇති බව කී පෙරේරා මහතා මෙබඳු සීග්‍රගාමී ක්‍රමයක් කිසිදු රටක නැති බව ද පැවසීය.
https://www.youtube.com/watch?v=qB5NrHpkT80
