නිදහස් දිනයේ ජනාධිපති කිවේ පට්ටපල් බොරු ; මෑණියන්ගේ වස්තරේ කියලා තමයි කියන්න වෙන්නේ – “සිංහලේ” මැඩිල්ලේ හිමි සිංහලෙන් ම කියති

දුෂණය පිටුදකින්න ආදර්ශයෙන් කටයුතු කරන බව ජනාධිපති කීවත් , පසුගිය මස දෙක ගත්තත් ආණ්ඩුව විශාල ම වංචා කළ බවත් , ඒවා කලේ සම්පුර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් බවත්,”සිංහලේ” සංවිධානයේ නායක මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියෝ ප්‍රකාශ කළහ.

බැඳුම්කර වංචාවෙන් රටට අහිමි වූ බව කී බිලියන එකොළහකට වැඩි වංචාවක් සීනි බදුවලින් වංචා කළ බව කී උන් වහන්සේ එම මුදල බිලියන 15 කට  ආසන්න බව ද පැවසු හ. ශන්ග්රිලා හෝටලයට ඉඩම් ලබදීමේ  ගනුදෙනුව පිටුපස සිටියේ ද මෙම ව්‍යාපාරිකයා බවත් , මෙරටට තෙල් ආනයනයට එක දිනකට ගැසට් පත්‍රයක් නිකුත් කොට වංචාවක් කළේ ද මෙම ව්‍යාපාරිකයා බවත් , උන් වහන්සේ  ප්‍රකාශ කළහ. මේ සියල්ල සිදු වී ඇත්තේ පුර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ය.

මේ නිසා , දුෂණයට විරුද්ධව ආදර්ශයෙන්  කටයුතු කරන බව ජනාධිපතිතුමා කියන විට කියන්නට තියෙන්නේ ‘ මෑණියන්ගේ වස්තරය තමා ‘ කියා බව ද  උන් වහන්සේ වැඩි දුරටත් පැවසු හ .

මෙරටට ටයිල් සහ නාන කාමර භාණ්ඩ ගෙන්වීමේ තහනම ඉවත් කරමින් අගමැතිතුමා නිකුත් කල ගැසට් නිවේදනය ද වහාම අවලංගු කළේ ව්‍යාපාරිකයකුගේ උවමනාවට බව ද මැඩිල්ලේ හිමියෝ පැවසුහ.

උන් වහන්සේ මෙම ප්‍රකාශ කළේ ඊයේ පැවතී මාධ්‍ය හමුවක දී ය.

https://www.youtube.com/watch?v=gcicpoyh0G4&feature=youtu.be

Leave a Reply

Your email address will not be published. Required fields are marked *