අද (12 ) කොවිඩ් ආසාදිතයින් 755 ක් ; ත්‍රිත්ව පොකුර 28,502 යි ; රටේ සමස්තය 32,126 යි ; ව්‍යාප්තිය පාලනය කොට ඇති බව යුද හමුදාපති කියයි.

අද ( 12 දා ) කොවිඩ් 19 ආසාදිතයින් 755 ක් අලුතින් සොයාගත් බව රජය නිවේදනය කොට ඇත.
632 ක් සහ 123 ක් ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යාව වාර්තා වීය.
මේ අනුව දිවුලපිටිය ,පෑලියගොඩ , බන්ධනාගාර පොකුර ලෙස රජය හඳුන්වන ත්‍රිත්ව පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 28,502 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වනවිට මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 32,126 ක් දක්වා ඉහළ ගොස් ඇත.
කෙසේ වෙතත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කොට ඇති බව යි.
