පාඨලී හෙළ උරුමයෙන් ඉවත්වෙයි

ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (12) සිය ධුරයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් වී තිබෙනවා.

පාඨලී චම්පික රණවක මහතා සමඟ ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු ද ජාතික හෙළ උරුමයෙන් ඉවත්වීම සිදුවුණා.

ඒ අද ශ්‍රී ලංකා පදනම් ආයතයේ පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුවේදී ය.

අද පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුලුවේදී මේ දක්වා සිටි පක්ෂයේ මධ්‍යම කාරක සභාව සිය තනතුරුවලින් ඉල්ලා අස්වුණු අතර ඒ වෙනුවෙන් නව නිලධාරී මණ්ඩලයක් නියෝජිත සමුළුවට පැමිණි පක්ෂ සමාජික සාමාජිකාවන්ගේ අනුමැතියට යටත්ව පත්කරගෙන තිබෙනවා.

මේ දක්වා එම ධුරවල කටයුතු කළ පාඨලී චම්පික රණවක, කරුණාරත්න පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය, නිරෝෂා අතුකෝරල මෙන්ම මධ්‍යම කාරක සභාව නියෝජනය කළ තුෂාර ස්වර්ණතිලක, ධනුෂ්ක රාමනායක, බෝසෙත් කළහේපතිරණ, තීක්ෂණ ගම්මන්පිල, තරිඳු දිලීප ගමගේ, සුරංග කාරියවසම්, සුනිමල් ජනරංජන, කිංස්ලි පෙරේරා, ගාමිණී ශාන්ත, ගාමිණී ලියනගේ, තුසිත හේවගේ සහ පලාත් පාලන මන්ත්‍රීවරු සිය තනතුරු වලින් ඉල්ලා අස්වුණා.

ඒ අනුව පක්ෂයේ නව සභාපති වශයෙන් පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් ද, පක්ෂයේ නව මහ ලේකම් වශයෙන් බන්දුල චන්ද්‍රසේකර මහතා ද, උප සභාපති වශයෙන් දයා පෙරේරා මහතා ද, නියෝජ්‍ය ලේකම් වශයෙන් නීතිඥ ටියුඩර් පෙරේරා මහතා ද, භාණ්ඩාගාරික වශයෙන් අනිල් ජයවර්ධන මහතා ද, ජාතික සංවිධායක වශයෙන් මහේන්ද්‍ර ජයසිංහ මහතා ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත නව මධ්‍යම කාරක සභාව තෝරා පත්කර ගැණුනා.

CNH

Leave a Reply

Your email address will not be published. Required fields are marked *