ගුවන් තොටුපළ ටිකින් ටික අරීයි

කටුනායක ගුවන්තොටුපල විවෘත කිරීම් පියවර කිහිපයකින් සිදුවනු ඇති බව සංචාරක සේවා ආරංචි මාර්ග කියයි.
එම ආරංචිමාර්ග කියන ආකරයට දැනටමත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානා සඳහා ගුවන් තොටුපළ විවෘත අතර මගී ගුවන්සේවා කිහිපයක් ද ක්‍රියාත්මක ය. එම සේවා සංඛ්‍යාව ලබන 18 දා සිට ක්‍රමානු කුල ව වැඩි කිරීමට කටයුතු කොට ඇත.
සිනප්පුරුවට .මැලේසියාවට සහ ඉන්දියාවේ තෝරාගත් නගර කිහිපයකට සතියකට ගුවන් ගමන් කිහිපයක් ආරම්භ කිරීමට දැනට කටයුතු කොට තිබේ.
මේ අතර වාණිජ ගුවන් ගමන් සඳහා රටේ සියලු ගුවන් තොටුපල ලබන 24 දා විවෘත කරන බව රජය නිවේදනය කොට ඇත.
සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කිවේ සංචාරකයන් සඳහා ගුවන් තොටුපල විවෘත කිරීම ජනවාරි මාසයේ දී සිදුකරන බව යි.
