”කොරෝනා ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 95 වන තැනට” – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ලෝකයේ කොරෝනා වයිරසය ආසාදිතයින් වාර්තා වන සංඛ්‍යාව අනුව සකස් කෙරෙන ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව මේ වන විට රටවල් 220 ක් අතරින් 95 වන ස්ථානයට පැමිණ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ, ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව 147 වන ස්ථානයේ පසුවූ අතර මාස එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාන 52කින් නරක පැත්තට ගමන් කර ඇති බවය.

කොරෝනා වයිරසය ආසාදිතයින් සංඛ්‍යාව අනුව කෙරෙන ශ්‍රේණිගත කිරීම් අනුව ඇමෙරිකාව පළමු වන ස්ථානයේ පසුවන බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

CNH

Leave a Reply

Your email address will not be published. Required fields are marked *