තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි – සමස්තය මරණ 147 දක්වා ඉහළට
තවත් කොවිඩ් 19 වෛරස් ආසාදිතයකුගේ මරණයක් පිළිබඳ තොරතුරු ඊයේ (11) මධ්‍යම රාත්‍රියේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
එලෙස මියගොස් ඇත්තේ 82 හැවිරිදි කොළඹ 13 ප්‍රදේශයේ පදිංවිව සිටි කාන්තාවකි.
කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර පසුගිය 10වනදා මියගොස් ඇත.
මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය සහ කොවිඩ් නියුමෝනියාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් සදහන් කර තිබේ.
