අද ( 11 ) කොවිඩ් ආසාදිතයින් 762ක් ; ත්‍රිත්ව පොකුර 27,747 යි

අද (11 ) දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් 762 හමු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පළමුව 536 ක් සහ පසුව 226 ක් ලෙස මෙම සංඛ්‍යාව වාර්තා වීය.

මේ සියලු දෙනා දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරට සම්බන්ධ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන් ය.

ඒ අනුව එම ත්‍රිත්ව පොකුරේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 27,747 ක් බව වාර්තා වෙයි.

මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 31,371 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *