මාධ්‍යවලට දැන්වීම් දීම නතර කරන්නැයි ජනපති ලේකම්ගෙන් නියෝගයක්

මාධ්‍ය සඳහා දැන්වීම් ලබාදීම ඇතුළු සියළු ප්‍රචාරක කටයුතු නතර කරන ලෙස ජනාධිපති ගෝටාබය රාජපක්ෂ මහතාගේ ලේකම් පී.බී. ජයසුන්දර සියළුම රාජ්‍ය ආයතන, රාජ්‍ය බැංකු සහ රක්ෂණ ආයතනවලින් ඉල්ලා තිබේ.
නොවැම්බර් 18 දාතමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මේ ලිපිය නිකුත් කර ඇත. 2020 වර්ෂය සඳහා සියළුම ආයතනවල ප්‍රචාරක වියදම් වෙන්කිරීම් සහ මෙතෙක් වියදම් කර ඇති ප්‍රමාණය පිළිබඳ භාණ්ඩාගාර ලේකම් වෙත වාර්තා කරන ලෙසද වැඩිදුරටත් ජනාධිපති ලේකම්වරයා දන්වා තිබේ.

