පොලිස් ක්ෂේත්‍ර බලක මුලස්ථානය අගුළු දමයි

කොළඹ තිඹිරිගස්යායේ , තුම්මුල්ල හන්දිය ආසන්නයේ හැවුලොක් පාරේ පිහිටා ඇති පොලිස් ක්ෂේත්‍ර බලක මුලස්ථානය වසා දැමීමට කටයුතු කොට ඇති බව වාර්තා වෙයි.
එම මුලස්ථානයේ ස්ථානගත කොට සිටින පොලිස් භටයින් අතරින් කොවිඩ් ආසාදිතයින් සොයාගැනීම නිසා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
පොලිස් කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 2000 ක් පමණ දක්වා වර්ධනය වී ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.
