බණ්ඩාරගම අටළුගම සහ මහනුවර අකුරණ ගම් කිහිපයක් අගුළු දමයි

බණ්ඩාරගම පොලිස් වසමේ අටලුගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම , එපිටමුල්ල ග්‍රාම නිලධාරී වසම , කොළමැදිරිය ග්‍රාම නිලධාරී වසම යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකලා කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් වසමේ අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බුලුගහතැන්න ග්‍රාම නිලධාරී වසම , තෙළඹුගහවත්ත ග්‍රාම නිලධාරී වසම මේ මොහොතේ සිට හුදෙකලා කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ වනවිට හුදෙකලා කර ඇති බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩාව ග්‍රාම නිලධාරී වසම හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කරනු ලබව බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *