අමෙරිකාවත් සමග ශාන්තිකර කලාපිය සහයෝගිතා ගිවිසුමට එක්වන්න ශ්‍රී ලංකාව සුදානම් – විදේශ ඇමති මංගල සමරවීර
ඇමෙරික එක්සත් ජනපදය හා සන්තිකර කලාපිය රටවල් රාශියක් සම්බන්දව සිටින ශාන්තිකර කලාපිය වෙළෙඳ ගිවිසුමට ශ්‍රී ලංකාව දැඩි වූවමනාවකින් කටයුතු කරමින් සිටින බව විදේශ ඇමති මංගල සමරවීර මහතා ප්‍රකාශ කොට ඇත . වොෂින්ටනයේ එක්සත් ජනපද සාම ආයතනයේ දී ඇමතිවරයා කල දේශනයකදී මෙම කරුණු පවසා ඇත . දේශීය විද්වත් මණ්ඩලයක් මෙම වෙළෙඳ ගිවිසුමට සම්බන්ද වීම ගැන අධ්‍යයනය කරමින් සිටින බව ඒ මහතා ප්‍රකාශ කොට ඇත .
ශාන්තිකර කලාපිය සහයෝගිතා ගිවිසුමට ඇමෙරික එක්සත් ජනපදය , කැනඩාව ,ජපානය ,සින්ගප්පුරුව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ,වියට්නාමය ,මැලේසියාව ,චිලීය ,බ්‍රුනෙයි ,පේරු සහ මෙක්ෂිකො යන රටවල් අත්සන් තබා ඇත .ශ්‍රී ලංකාව සමග වෙළෙඳ ගනුදෙනු සිදුකරන විශාල වෙළඳ පොළවල් හිමි රටවල් ගණනාවක් ඒ අතර වෙයි .
