මහින්දගේ නව පක්ෂය හැදීම වසරකින් කල්දමයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන කණ්ඩායම් ගොඩ නගන බව කි නව පක්ෂය මෙම වසරේ ගොඩ නොනගන බව එම කණ්ඩායමේ මාධ්‍ය  සාකච්චාවකට එක් වෙමින් හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කොට ඇත .එහිදී ඒ මහතා කියා ඇත්තේ ලබන  වසරේ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කළ පසුව නව පක්ෂය ගොඩනගන බවයි .

නව පක්ෂය ගොඩ නැගීමට උත්සහ දැරූ  කණ්ඩායමේ අභ්‍යන්තර ප්‍රශ්න මතුවී ඇති බව “යුක්තිය ” පසුගියදා වාර්තා කළේය . ජෝතිෂවෙදීන්ගේ උපදෙස් මත මහින්ද රාජපක්ෂ මහතාද නව පක්ෂයක් බිහි කිරීමට අදිමදි කරන බව අපේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *