තාජුදීන් ඝාතනයට නාමල් රාජපක්ෂ ,අනුර සේනානායක , කැප්ටන් තිස්ස අත් අඩංගුවට !

THUJUDEENරගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ , හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ රාජපක්ෂ පවුලේ හිතවතෙකු වන කැප්ටන් තිස්ස යන අය අත් අඩංගුවට ගැනීමට යන බව තතු දත් ආරංචි මාර්ග වාර්තා කරයි . මේ සම්බන්ධයෙන් දහසය දෙනකුගෙන් කට උත්තර ලබාගෙන ඇති බවද වාර්තා වෙයි . මෙම ඝාතනය ගැන මුලදී සැකය එල්ලවූයේ යෝෂිත රාජපක්ෂ මහතාට වුවද පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ නාමල් රාජපක්ෂ මහතා ඝාතනය මෙහෙයවා ඇති බවයි .

තජුදීන්ගේ මරණය මිනීමැරුමක් බව ඊයේ තීරණය කළ අධිකරණය සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කළේය . ඒ අනුව සැකකරුවන් අත් අඩංගුවට ගැනීම ඉදිරි දින කිහිපයේදී සිදුවනු ඇතැයි කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *