ජෝ බයිඩන් ජනාධිපති ලෙස ඇමෙරිකානු පරිපාලන සේවා ප්‍රධානී පිළිගනී ; සුදුස්සක් කරනයි ට්‍රම්ප් කියයි

ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස ජෝ බයිඩන් පත් වී ඇති බවත් , ඔහුට පාලනය පැවරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් දන්වා ඇමෙරිකාවේ ප්‍රධාන පරිපාලන සේවයේ අධ්යක්ෂ එමලි මර්පි ඊයේ ලිපියක් නිකුත් කරමින් ධවල මන්දිරයේ පරිපාලන ප්‍රධානීන් ඇතුළු සියලු නිලධාරීන්ට උපදෙස් දී ඇත. සියලු කරුණු සලකා බලා තමා මෙම තීරණය ගත් බව ඇය ප්‍රකාශ කොට තිබේ.
ඇමෙරිකාවේ පවතින ක්‍රමය අනුව පරිපාලන සේවාවේ අධ්යක්ෂ වරයා පත් කරන්නේ ජනාධිපති විසිනි . එය දේශපාලන පත්වීමකි. එසේ වුව ද, එම තනතුරට පත්වන තැනැත්තා හෝ තැනැත්තිය රටේ නීතිය සහ සම්ප්රදාය අනුව කටයුතු කළයුතු බව පොදු පිළිගැනීම යි.
ජෝ බයිඩන්ට බලය පැවරීම මැතිවරණ ප්‍රතිඵල පැහැදිලි වූ වහා ම ආරම්භ විය යුතුව තිබුණ ද , ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රබල ආධාර කාරිනියක් වූ එමලි මර්පි මෙතෙක් එය ප්‍රමාද කළේ ය. අවසානයේ මෙම තීරණය ගන්නා ලද්දේ ඇයට බරපතළ විවේචන එල්ලවීමෙන් පසුව ය.
සුදුසු පියවරක් ගන්නයි තමන් මර්පිට උපදෙස් දුන් බව ට්‍රම්ප් ප්‍රකාශ කළ ද , මර්පි කියන්නේ සියලු කරුණු සලකා බලා තමා මෙම තීරණය ගත බව යි.
මැතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව ට්‍රම්ප් කණ්ඩායම ප්‍රාන්ත ගණනක අධිකරණවල පැවරු නඩු තිහක් පමණ මේ වනවිට නිෂ්ප්රභා කොට ඇත.
එමෙන් ම තීරණාත්මක ප්‍රාන්ත ගණනාවක මැතිවරණ ප්‍රතිඵල සහතික කිරීමට ඒ ඒ ප්‍රාන්ත බලධාරීහු ක්‍රියා කළ හ.
ඒ අනුව මැතිවරණ ප්රතුඵලවලට අභියෝග කිරීමේ ට්‍රම්ප්ගේ උත්සාහය මේ වනවිට සම්පුර්ණයෙන් ම පාහේ අසාර්ථක වී ඇත.
ජෝ බයිඩන්ට බලය පැවරීම ආරම්භ කිරීම ඒ සියලු වර්ධනයන්ගේ ප්රතිඵලයකි.
කෙසේ වෙතත් ජෝ බයිඩන් නිල වශයෙන් ජනාධිපති ධුරයට පත්වන්නේ ජනවාරි 20 දා ය. එතෙක් නිල වශයෙන් ජනාධිපති තනතුර ට්‍රම්ප් විසින් උසුලනු ඇත.
