කොවිඩ් පොකුරට අද එකතුව 458 යි ; පොකුර 17,536 කට නගී

මිනුවන්ගොඩ – පැපිලියාන කොවිඩ් පොකුර ලෙස හඳුන්වනු ලබන කොවිඩ් ආසාදිත පොකුරට අදත් ආසාදිතයන් 458ක් එක් වූ බව වාර්තා වෙයි.

287ක් හා 171 ක් ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යා රජය විසින් නිකුත් කරනු ලැබී ය.

මේ අනුව මේ වන විට මෙම පොකුරේ සමස්තය වාර්තා වන්නේ 17,536 ක් වශයෙනි .

දැන්  මෙහි අනු පොකුරු ගණනාවක් වර්ධනය වී ඇති අතර එයින් පොලිස් පොකුර 1000 ඉක්මවා ගොස් ඇති අතර බන්ධනාගාර පොකුර 700 ක් ඉක්මවා ගොස් තිබේ.