පිල්ලෙයාන්ට ඇප

මඩකලපු දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇප මත මුදා හැරීමට අධිකරණය අද නියෝග කළේ ය.
මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී. විග්නේෂ්වරන් මහතා විසින් එම නියෝගය අද ලබා දී තිබේ.
එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් සමග බන්ධනාගාර ගතකර සිටි තවත් සිව්දෙනෙකුට ද ඇප හිමිවී ඇත..
2005 වර්ෂයේ දී නත්තල් දින මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේ පැවැති උදෑසන දේවමෙහෙය අතරතුර ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනයට ලක්විය.
එම ඝාතනය සම්බන්ධයෙන් පිල්ලෙයාන් ඇතුළු පස් දෙනෙක් අත් අඩංගුවට ගනු ලබන්නේ 2015 ඔක්තෝබර් මාසයේ දී ය.
