එජාප මහ ලේකම් ධුරයෙන් අකිල විරාජ් ඉවත්වෙයි

එජාප මහ ලේකම්ව සිටි අකිල විරාජ් කාරියවසම් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
අද පැවති එජාප කෘත්‍යාධිකාරී රැස්වීමෙන් පසු ඔහු තම ඉල්ලා අස්වීම භාර දී ,සිරිකොත සේවකයන්ගෙන් සමුගෙන ඉවත්ව ගොස් ඇත.
මීට පෙර වාර්තා වුයේ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳව කාරියවසම් මහතා බලාපොරොත්තු තබා සිටි බව යි.
අද රැස්වීමේ දී මන්ත්‍රී ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම පක්ෂයේ ජෙෂ්ටයින් විසින් අනුමත කොට ඇත.
කෙසේ වෙතත් , පසුව වාර්තා වුයේ වික්‍රමසිංහ මහතා එම තනතුර භාර ගැනීමට අකමැත්ත ප්‍රකාශ කොට ඇති බව යි.
