ජාතික ලැයිස්තු මන්ත්‍රීකම රනිල් එපාම කියයි !
එජාපයට පසුගිය මහ මැතිවරණයේදී හිමි වූ එකම මන්ත්‍රී ධුරය සඳහා සුදුසු පුද්ගලයෙකු පත් කිරීම තවදුරටත් කල්දමා තිබෙනවා. අද එම තෝරා ගැනීම සඳහා විශේෂ රැස්වීමක් පැවැත්වූ නමුත් එහිදීද අවසන් තීරණයකට එළඹීමට එජාප නායකයන් අසමත් වී තිබේ.
අද පැවති රැස්වීමේදී එජාප ජ්‍යෙෂ්ඨයන් රැසක් අවධාරණය කර තිබෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා එම මන්ත්‍රී ධුරයට පත්විය යුතු බවයි. කෙසේ වෙතත් එජාප නායකයා දිගින් දිගටම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහු පවසා තිබෙන්නේ එම මන්ත්‍රී ධුරය පක්ෂයේ තරුණ නායකයෙකුට හිමිවිය යුතු බවයි.
දෙසැම්බර් මාසයේදී තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බවත් ඒ නිසා මන්ත්‍රී ධුරය ලබා ගැනීම සුදුසු නොවන බවත් එජාප නායකයා අවධාරණය කර තිබේ.
මන්ත්‍රී ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ තේරීම වී ඇත්තේ වත්මන් එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතායි. කෙසේ නමුත් රුවන් විජේවර්ධන මහතාට වඩා ජ්‍යෙෂ්ඨ එජාප නායකයන්ගෙන් ඒ සඳහා දැඩි විරෝධය එල්ල වී ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රී ධුරය ලබා නොගන්නේ නම් ඒ සඳහා හිමිකම් කීමට එජාප දෙවැනි පෙළ නායකයන් කිහිප දෙනෙකු උත්හාස දරමින් සිටී.
UN
LANKANEWSWEB
