අදත් කොවිඩ් මරණ හතරක් ; රෝහල් ගතව මියගියේ එක් අයකු පමණයි
කොවිඩ් 19 ආසාදනය වීම නිසා සිදු වූ මරණ හතරක් අද දිනයේ වාර්තා වූ බව රජය නිවේදනය කරයි.
මරණ හතර ම වාර්තා වන්නේ කොළඹ නගරයෙනි .
මෙයින් රෝහල් ගතව සිටිය දී මිය ගොස් ඇත්තේ එක් අයකු පමණකි. ඒ අයි ඩී එච් රෝහලේ දී ය.
එක් අයකු නිවසේ දී මියගොස් ඇති අතර දෙදෙනකු මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී ය.
