සමෘද්ධි ලාභීන්ට බලෙන් මාළු කවන්න යයි
සමෘද්ධි ලාභීන්ට ගෙවන මාසික දීමනාවෙන් රුපියල් 500 ක් අය කරගෙන එම වටිනාකමට මාළු ලබාදීමට රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි.
රටේ මාළු වෙළෙඳාම බිඳ වැටීමෙන් මාළු ගොඩ ගැසීමට පිලියමක් ලෙස මෙම පියවර ගන්න බව කියති.
ලබාදෙන මාළු වල ගුණාත්මක බාවය මෙන් ම , තමන්ට අවශ්‍යතාවය නැතත් මාළු ගැනීමට සිදුවීම මෙහි ප්‍රතිඵල විය හැකි බවට විරෝධතා පල වී තිබේ. මාළු මිල නියම කිරීම ද ප්‍රශ්නයක් විය හැකි බව කියති.
