“ජයග්‍රහණය සමරන්න ලෑස්තියි ; ඡන්ද දුෂණයට එරෙහිව අධිකරණයට යනවා” – ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් ජයගෙන ඇති බව කියන ජනතිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දුෂණයෙන් ජයග්‍රහණය පැහැර ගැනීමට එරෙහිව අධිකරණයට යන බව ප්‍රකාශ කළේ ය.

මීට සුළු වෙලාවකට පෙර තම පාක්ෂිකයින් අමතා ඔහු කිවේ ප්‍රාන්ත ගණනාවක නොසිතු ජයග්‍රහණයක් තමන්ට ලැබී ඇති බව යි .

කෙසේ වෙතත් පසුව ලැබෙන තැපැල් ඡන්ද ගණන් කිරීමට එරෙහිව අධිකරණයට යන බව මැතිවරණ දිනයෙන් පසු ඡන්ද ගණන් කිරීම වංචාවක් බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

මෙම  මැතිවරණයේ දී කොරෝනා වසංගතය නිසා මෙන් ම ඩිමොක්‍රටික් පක්ෂය සංවිධානාත්මකව මෙහෙයවීම නිසාත් තැපැල් ඡන්ද විශාල ප්‍රමාණයක් භාවිත වී ඇත. එම ඡන්දවල අති විශාල වාසියක් ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ට ඇති බව විශ්වාස කෙරෙයි.

එම ඡන්ද ගණන් කිරීමට ඉඩ නොදී ජයග්‍රහණය ප්‍රකාශ කිරීම ජනාධිපති ට්‍රම්ප්ගේ උත්සාහය වී ඇති බව කියති.

ඇමෙරිකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන ගණනාවක් ප්‍රකාශ කළේ මෙය එරට ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ විශ්වාසයට බරපතළ පහරක් විය හැකි බවයි.

රටේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ අවදානමක් ගැන ද ජනමාධ්‍ය අනතුරු අගවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *