ඇතුලේ ගැටුම් නිසා මහින්දගේ අලුත් පක්ෂය කොට උඩ !

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් හදන්නට ගිය පක්ෂය හෝ පෙරමුණ ගැන ඒකාබද්ධ විපක්ෂය තුල මතු වී ඇති මතභේද නිසා ඒ පිලිබදව කිසිදු ස්ථිර තීරණයක් ගත නොහැකි තත්වයක් උද්ගතව ඇති බව වාර්තාවෙයි . මහින්ද රාජපක්ෂ මහතා මෙම වැඩ කටයුතුවල විශාල වගකීමක් බැසිල් රාජපක්ෂ මහතාට පවරා තිබීම ගැන විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ,ඩලස් අලහප්පෙරුම ඇතුළු ප්‍රබල පිරිසක් විරෝධය ප්‍රකාශ කොට ඇත . මෙයින් හදන්නටත් පෙර මෙම පෙරමුණ දෙකඩ වූ තත්වයක් පවතින බව දැනගන්නට ඇත .

පක්ෂ විනය කඩා කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට ශ්‍රී ල නි ප ය තීරණය කිරීම ද මහින්ද පිලේ පසුබැස්මට හේතු වී ඇති කියති . එමෙන්ම මෙම කණ්ඩායමේ බොහෝ දෙනකුට දුෂණ හා අපරාධ චෝදනා යටතේ නඩු පවරන තත්වයක්ද වර්ධනය වී ඇත .

මේ අතර තවත් ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත්තේ මේ මොහොතේ අලුත් පක්ෂ හදන්නට ඉදිරිපත් නොවන ලෙස  මහින්ද රාජපක්ෂ මහතාට ජෝතිර්වෙදීන්ගේ අවවාද ලැබී ඇති බවයි .ඉදිරි කාලයේදී රජය තවත් සක්තිමත් වන බවත් , විපක්ෂය දුර්වල වන බවත් ජෝතිර්වෙදීන්ගේ බහුතර මතය වී ඇති කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *