මහා බැංකු බැදුම්කර ගනුදෙනුව ගැන අලුත් කෝප් කමිටුවේ තීරණය මේ සතියේ

වසරකට පෙර මහත් ආන්දෝලනයක් ඇතිකළ මහා බැංකුවේ බැදුම්කර වෙන්දේසිය පිලිබදව  පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව මේ සතියේ රැස්වීමේදී සාකච්චා කොට තීරණයක් ගැනීමට නියමිත බව තතු දත් ආරංචි මාර්ග කියයි . ඒ ගැන නැවත පරීක්ෂණයක් කලයුතු බවට  ඇතැම් මන්ත්‍රීවරුන් ඉල්ලසිටිනු ඇති කියති . එසේ වුවද පසුගිය කාලයේ ඉදිරිපත් වූ තොරතුරු අනුව එහිදී මහා බැංකු අධිපතිවරයා වරදක් කොට ඇති බවක් පෙනී නොයන නිසා නැවත පරීක්ෂණයක් නොකිරීමට තීරණය විය හැකි බවට ද විශ්වාසයක් පවතියි .

මහා බැංකුවේ බැදුම්කර වෙන්දෙස්හි කිරීම පසුගිය වසර පුරා නොකඩවා සිදුවූ අතර එම වසර තුල වෙන්දේසි කල බැදුම්කර ප්‍රමාණය බිලියන 740ක් පමණ වන බව වාර්තා වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *