නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාව 23 දා විවාදයට
පාර්ලිමේන්තුව හමුවේ ඇති නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනාව 23 වෙනි දින පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන 24 වෙනි දින එය සම්මත කරගැනීමට සැළසුම්කර ඇති බව සමීප දේශපාලන ආරංචි මාර්ග වලින් යුක්තියට වාර්තා වේ. තම කණ්ඩායම පාර්ලිමේන්තුවේ වෙනම කණඩායමක් ලෙස පිළිනොගන්නේ නම් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාව අනුමත කරගැනීමට ඉඩ නොදෙන බව මහින්ද පාර්ශවය පැවසීම නිසා මෙම යෝජනාව හදිසියේම සම්මත කරගැනීමට තීරණය කළ බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත්කර ඇති සංශෝධන සියල්ලම 2016 ජනවාරි මස රැස් වූ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුව පිළිගත් බව දන්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. මේ අනුව කුමන තත්ත්වයක් යටතේවත් මහින්ද පාර්ශවය වෙනම කණ්ඩායමක් ලෙස පිළි නොගැනීමට තිරණය කර ඇති ශ්‍රි ලංකා නිදහස් පක්ෂය උක්ත යෝජනාවට ජන්දය දීමට තීරණය කර ඇතැයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ආරචි මාර්ගවලින් දැනගන්නට ඇත.
