ජාතික සංවර්ධනයට බලගතු ආයතනයක් හදයි – ප්‍රධානත්වය මංගල යාපාට .

මංගල යාපා විදේශ ආයෝජන ප්‍රවර්ධනය ආර්ථික සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය සියලු බලතල සහිත නව ආයතනයක් පිහිටුවීමට රජය තීරණය කොට ඇති බවත් , එම ආයතනයේ ප්‍රධානියා ලෙස ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති මංගල යාපා  මහතා තෝරාගෙන ඇති බවත් තතුදත් ආරංචි මාර්ග කියයි . පසුගියදා කොළඹ පැවති ආර්ථික සමුළුවේ ප්‍රතිපලයක් ලෙස බිහිවන මෙම ආයතනයට උපදෙස් හා ආධාර ලබාදෙන්නේ ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයි . නව ආයතනයේ ප්‍රධානීන් ලෙස තෝරාගෙන සිටින මංගල යප මහතා ඇතුළු හය දෙනකුට  සති දෙකක පුහුණුවක් ඇමෙරිකාවේදී ලබාදීම පසුගියදා සිදුවූ බවද දැනගන්නට ඇත .

වරලත් ඉංජිනේරුවකු හා කළමනාකරණ පස්චාත් උපාධිධාරියකු වන මංගල යාපා  මහතා කොළඹ තටාකාංගන සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා ද ජාතික අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයාද වෙයි . මේ වනවිට ජාතික වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරයි . ජාතික සංවර්ධන ආයතනයේ ප්‍රධාන විධායක තනතුර භාරගැනීම සදහා ඒ මහතා වාණිජ මණ්ඩල සභාපති තනතුරින් ලබන සතියේ ඉවත්වන බව අපගේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *