දෙමළ ජනයා තම මවුබසින් නමදින්නේ ශ්‍රී ලංකා මාතාවයි – ප්‍රවීන දෙමළ මාධ්‍යවේදී ඩී බී එස් ජෙයරාජ් .
ශ්‍රී ලංකා තායේ නාම් ශ්‍රී ලංකා නමෝ, නමෝ, නමෝ නමෝ තායේ (ශ්‍රී ලංකා මාතා, අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා)
සිලෝන් ලෙස හඳුන්වනු ලැබූ ශ්‍රී ලංකාව බි්රතාන්යයන්ගෙන් නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 4 වන දිනයි. නිදහස් ලංකාවේ මා උපත ලද්දේ ඉන් වසර හයකට පසුව 1954 මැයි 24 දිනයි. සිලෝන් ලෙස හඳුන්වන ලද රටේ නාමය ශ්‍රී ලංකා ලෙස වෙනස් වූයේ 1972 මැයි 22 දින එය ජනරජයක් බවට පත්වීමත් සමඟය. 2016 පෙබරවාරි 4 වැනිදා ශ්‍රී ලංකාව තම 68 වැනි නිදහස් දිනය සැමරීය. නිදහස සැමරීමේ නිල උත්සවය පවත්වනු ලැබුවේ ගාලූ මුවදොර පිටියේය. එහිදී කැපී පෙනෙන සිදුවීම වූයේ අපගේ ජාතික ගීය සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම ගායනා කිරීමයි.
පසුගිය දශක ගණනාවක් තිස්සේ නිදහස් දින සැමරීමේ රාජ්‍ය උත්සව ගණනාවක් මම දැක ඇත්තෙමි. මගේ ජීවිත කාලයේ දී මට දැක ගැනීමට හැකි නොවනු ඇතැයි මා සිතූ දර්ශනයක් අන්තර්ජාලයෙන් මට දකින්නට ලැබිණි. තරුණ පිරිමින් හා ගැහැණු ළමයින් උද්යෝගිමත් ලෙස ජාතික ගීය මගේ මව් භාෂාව වන දෙමළෙන් ගායනා කරනු මම දුටුවෙමි. එයට ගත වූයේ මිනිත්තු දෙකයි තත්පර 32 ක කාලයකි. ගීය ගායනා කළේ බම්බලපිටිය රාමනාදන් හින්දු කාන්තා විද්‍යාලයේ සහ කොළඹ විවේකානන්ද විද්‍යාලයේ සිසු සිසුවියන් විසිනි. ඔවූහු කදිමට ගායනා කළහ. නිදහස් දින සමරුවකදී නිල පිළිගැනීමක් සහිතව ජාතික ගීය මෙලෙස ගායනා කරන ලද්දේ දශක ගණනාවකට පසුවය.
මේ මගේ ජාතික ගීයයි
මම ආධ්‍යාත්මික ප්‍රමෝදයකට පත්වීමි. ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කළ වෙනත් කිසිදු අවස්ථාවක නොකළ දෙයක් ඒ මොහොතේ මම සිදුකළෙමි. මම හඬා වැටුණෙමි. එය කියන්නට මට ලජ්ජාවක් නැත. එම කොටස ආපසු යවමින් මම නැවත නැවත නැරඹුවෙමි. තෙත් වූ මගේ නෙත්වලින් ගලා ආ කඳුළු මගේ කම්මුල් දිගේ ගලා ගියේය. කිහිප විටක් මට ඉකි ගැසුණේ ඉබේටමය. මගේ හැඟීම් මා පාලනය කර ගත්තේ ඉතාමත් අපහසුවෙනි. රූපවාහිනී කැමරාව සම්භාවනීය පිරිස වෙත යොමු වීම මට දැකගන්නට ලැබුණේ ශ්‍රී ලංකා මාතාවගේ ඉතාම වැදගත් දරුවන් අතර වැඩිදෙනා සිංහලයන් වුවද සියලූ දෙනා පැහැදිලි දෙමළ බසින් ගැයෙන ගීතයට ගෞරවය දක්වමින් නැඟී සිටි ආකාරයයි. එය ඇත්තෙන්ම ඉතා වැදගත් අවස්ථාවකි.
මා උපන් බිම නව හා උද්යෝගිමත් ගමනක් ආරම්භ කොට ඇති බව මම තේරුම් ගත්තෙමි.
නිදහසින් පසුව ප්‍රධාන වශයෙන් වාර්ගික භාෂාමය ප්රතිරෝධතා නිසා ඇති වූ ගැටුම්වලට දශක ගණනාවක් තිස්සේ මුහුණදීමෙන් පසුව ජාතිය අවසානයේදී තම බහුත්වවාදී ජාතික අනන්‍යතාව තේරුම්ගෙන සහ පිළිගෙන ඇත. සිංහල ජනයාට ඔවුන්ගේ හිමිතැන දිගටම තිබියදීම මීට පෙර ප්‍රතික්ෂේප කළ ජනකොටස් ඇතුළත්කර ගැනීමේ ක්‍රියාවලියකට රට ගමන් කරමින් පවතියි. නව බලය බෙදා ගැනීමක් සහිත නව ශ්‍රී ලංකාවක් පිළිබඳ බලාපොරොත්තු ඉටුවන බවට 68 වන නිදහස් දින සමරුව හොඳ පෙර නිමිත්තකි.
සඳ මත පා තැබීමේ ඉතිහාසගත සිදුවීමෙන් පසුව එක්සත් ජනපද අජටාකාශගාමී නීල් ආම්ස්ට්‍රෝන් ප්‍රකාශ කළේ සඳමත ප්‍රථමයෙන් පා තැබීම මිනිසකුගේ කුඩා පියවරක් වුවද එය මිනිස් සංහතියේ යෝධ ඉදිරි පිම්මක් බවයි. එමෙන්ම නිවැරැුදි දිශාවට යාම පිළිබඳ එහි ඇති අති විශාල සංකේතාත්මක වටිනාකම නිසා නිදහස් දින රාජ්‍ය උත්සවයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම විශාල ඉදිරි පිම්මකි. තවදුරටත් පසෙකට වී නොසිට ඉදිරියට එමින් ජාතික ප්‍රධාන ධාරාවට නැවත එක්වීමට කාලය පැමිණ ඇති බවට එමගින් දෙමළ ජනයාට සංඥාවක් ලබාදී තිබේ. ව්‍යවස්ථානුකූලව රාජ්‍ය භාෂා තත්ත්වය ලබාදී තුබූ දෙමළ භාෂාවට මෙමගින් සමාන පිළිගැනීමක් ලැබී තිබේ. ශ්‍රී ලාංකික දෙමළ ජනයා පමණක් නොව ඉන්දියානු දෙමළ ජනයාත්, මුස්ලිම් ජනයා අතර විශාල සංඛ්‍යාවක්ද දෙමළ භාෂාව කතා කරති. රටේ ජනතාවගෙන් සියයට 25ක් පමණ දෙනා කතා කරන භාෂාවට නිදහස් දිනයේදී සංකේතාත්මක පිළිගැනීමක් හිමිවීය.
පෙබරවාරි හතර වැනිදා නිදහස් දිනයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට යන බවට මුලින් නිවේදනය කළ විට එයට විරුද්ධව විශාල හඬක් නැඟිණි. දෙමළෙන් ගායනා කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව විවිධාකාර කණ්ඩායම් හා ව්‍යාජ ජාතිකවාදීන් දිගින් දිගට හඬ නගන්නට විය. ‘‘ශ්‍රී ලංකා තායේ’’ ගායනය මගින් ඊලාම්වාදීන් රට බෙදන්නට සැරසෙන බවට ද ඇතැම් කොටස් චෝදනා කළහ. දුෂිත පවුල්වාදී පවුලේ ප්‍රධානියා කිඹුල් කඳුළු හෙළුවේ රටේ නිදහස අනතුරට ලක්වන බව කියමිනි. දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස ව්‍යවස්ථානුකූලව පිළිගෙන තිබියදී එය ක්‍රියාවට නොනැගීම ගැන කිසිවක් නොකී උදවිය එක රැුයින් ව්‍යවස්ථාවාදීන් වෙමින් ප්‍රකාශ කළේ මෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවටය. බොරු සිල් රකින බළලා ප්‍රකාශ කළේ මේ සිදුවීම මත ජනාධිපති සිරිසේන මහතා දෝෂාභියෝගයක් මගින් බලයෙන් පහකරන බවටය.
විරෝධයට මුහුණ දෙමින් හරි දේ කිරීම
මේ සම්බන්ධයෙන් ගෙනගිය ප්රචාරක ව්‍යාපාරයෙන් පෙන්නුම් කළේ නිදහස් දිනයේදී ජාතික ගීය සිංහලෙන් හා දෙමළෙන් ගායනා කළහොත් එය ලංකාව තුළ හා එහි ජනයා අතර විශාල කැලඹීමකට හේතුවන බවටය. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ හා පිටත මේ කුඩා මතභේද නිසාත් බලගතු දේශපාලනඥයන් ප්‍රකාශ කළ විරෝධය නිසාත් මා සිතුවේ මෙම ප්රශ්නයේදී ආණ්ඩුව පසු බසිනු ඇතැයි කියාය. මගේ බය බොරු බියක්වීම ගැන මම සතුටුවෙමි. ‘‘ශ්‍රී ලංකා මාතා’’ ගීතය දෙමළ බසින් ද ගැයීමට ඉඩකඩ සැලසීම සම්බන්ධයෙන් මම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට, අගමැති රනිල් වික්‍රමසිංහට, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට සහ මෙම ආණ්ඩුවේ අනෙකුත් මැති ඇමැතිවරුන්ට ස්තුතිවන්ත වෙමි. විරෝධයට මුහුණ දෙමින් හරි දේ කිරීමට තිබූ දේශපාලන ධෛර්යය ගැන මගේ ආචාරය පුදකරමි.
ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම මට ඉතා වැදගත් කාරණයක් වූ නිසා මගේ චිත්ත ප්රබෝධය අති මහත්ය. මෙම ප්රශ්නය මට කිසිසේත් වැදගත් නොවූ අතීතය මගේ මතකයට නැගෙයි. ජේ.ටී.ආර්. පරම්පනායගම් මහතා ප්‍රධානාචාර්යවරයාව සිටියදී කොල්ලූපිටිය ශාන්ත තෝමස් ප්‍රාථමිකයේ මා සිසුවකුව සිටියදී (1959×64* වාර සභා අවසානයේදීත් වෙනත් වැදගත් අවස්ථාවලදීත් ජාතික ගීය ගැයීමට අපි පුරුදුව සිටියෙමු. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ බහු වාර්ගික ශිෂ්‍යයන් සමග කොළඹ චෙට්ටි භාරත, සන්ධි, බොරා, පාසි, චීන, මලයාලි සහ තෙලිඟු සංස්කෘතික සුළුතර පිරිස් ද වූහ. (මහනුවර අවසන් රජුගේ මී මුනුබුරෙක් ද ශිෂ්‍යයකුව සිටියේය)
සිංහල හා දෙමළ භාෂාවෙන් මෙන්ම සිංහල වචන ඉංග්‍රීසි අකුරින් ලියූ ගී පද රෝනියෝ පිටපත් කොට අප අතට පත්කරනු ලැබීය. ඕනෑම භාෂාවකින් ජාතික ගීය ගැයීමට අපට ඉඩදී තිබුණ ද අප සියලූ දෙනා ඉංග්‍රීසි භාෂාව හොඳින් දැන සිටි නිසා වඩා කැමැති වූයේ ඉංගී්රසියෙන් ලියූ වචන මාලාව බලාගෙන සිංහලෙන් ගායනා කිරීමටය. දෙමළ අයකු වශයෙන් එකල මා එම වචනවල තේරුම දැන සිටි බව මම නොසිතමි. එසේ වුවද ප්‍රාථමික පාසල් යන එම වයසේදී එය එතරම් වැදගත් වූයේ නැත. එම වචනවල සංගීතමය රිද්මයක් වූ අතර එය ජීවයක් හා සංගීතමය ගුණයක් සහිත විය.
එදා ජාතික ගීය ගැයූ හැටි
දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගයනු මට මුල්වරට අසන්නට ලැබුණේ ගැටවර වියේදී යාපනයේ පදිංචියට යාමෙන් පසුවය. වඩුක්කොඬේයිහි යාපනය විද්‍යාලයේ ශිෂ්‍යයන් අති බහුතරය දෙමළ අය වූ අතර මුස්ලිම් හා මලයාලි එක්කෙනෙක් දෙන්නෙක් වූහ. මෙය කෙනකු ජනවාර්ගික වශයෙන් ‘‘දේශපාලනීකරණය’’ වන වයසයි. ද්විතියික පාසල් සිසුන් ලෙස අපි වැඩියෙන් දේශපාලන දැනුම ලබා සිටියෙමු. නවසිය හැත්තෑ ගණන් මුල කාලය වනවිට ප්‍රමිතිකරණ යුගය පැමිණීමත් සමග දෙමළ සිසුන් අතර විශාල නැගිටීමක් ඇතිවිය. ඒ වන විට අපගේ සිත් තුළට ‘දෙමළ ඊළාම්’ මතවාදය කාවැදී නොතිබූ නමුත් වාර්ගික පීඩාව හා අසාධාරණය දැඩි ලෙස දැනෙන්නට විය.
කෙසේ වෙතත් මගේ මව් භාෂාව වන දෙමළෙන් ජාතික ගීය ගැයීම හා ඇසීම නිසා ඇත්තෙන්ම එයින් කියැවෙන්නේ කුමක්ද කියා තේරුම් ගිය අතර එය මට ඇත්තටම දැනුණි. එහි පදමාලාවෙන් කියැවෙන්නේ ලංකා මාතාව ගැන හා රටේ සත් ගුණය ගැන මිස මගේ විශේෂිත ජනවර්ගය ගැන නොවන නිසා ජාතික ගීයේ අඩංගුවට විරුද්ධ වීමට මට දේශපාලන හේතුවක් නොවීය. එසේ වුවද මට ජාතික ගීය හොඳින් තේරුම් ගියේ දෙමළ බසින් වුවද එහි පදමාලාවේ හා ගායනයේ ඇති ආකර්ෂණීය බව නිසා සිංහල භාෂාවෙන් එය ගායනා කරනු ඇසීමට මා පි‍්‍රය කළ බව මා පිළිගත යුතුව ඇත. මගේ පෞද්ගලික අදහස එය වුවද මගේ මව්බස වන දෙමළෙන් ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගැයීමේ අයිතිය අහිමි කිරීමට ඉඩදීමට මා සූදානම් නොවූ අතර කිසිවිට සූදානම් නොවෙමි.
ජනවාර්ගික ගැටුම් වර්ධනය වී සිංහල හා දෙමළ ජනයා එකිනෙකාගෙන් ඈත් වූ පසුව සියලූ දේ වෙනස් විය. ගැටුම් වර්ධනය වන විට උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම ද ක්‍රමානුකූලව නැවතුණි. 1956 ට පෙර යාපනයේ සෑම ප්‍රධාන පාසලකම දෙමළ ගුරුවරු (බොහෝ විට බෞද්ධ භික්ෂූන් වහන්සේලා* වූහ. ඔවුන්ගේ කාර්යය වූයේ සිසුන්ට සිංහල භාෂාව ඉගැන්වීමයි. දෙමළ භාෂාව ඉවත දමා සිංහලය එකම රාජ්‍ය භාෂාව කළ පසුව මෙම තත්ත්වය වෙනස් විය. ඒ ආකාරයෙන්ම දෙමළ ප්‍රදේශවල පාසල්වල ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීම ද අහෝසි විය. දකුණේ ඇතැම් දෙමළ පාසල්වල ද මෙම තත්ත්වය ඇති විය. එසේ වුවද දිවයිනේ බොහෝ පළාත්වල දෙමළ භාෂාව භාවිත කරන මුස්ලිම් පාසල්වල ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම දිගටම සිදුවිය.
විකල්ප ‘‘දෙමළරාජ්ය’’ ගීත
ජනවාර්ගික ගැටුමේ වර්ධනය වූ තත්ත්වය යටතේ දශක තුනකට වැඩි කාලයක් ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීම නැවතී තිබිණි. ඉලංකෙයි තමිල් අරසුකච්චි සහ පසුව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ දේශපාලනය යටතේ ගොඩනැගුණු වාතාවරණය වූයේ දේශපාලන වේදිකාවල විකල්ප ‘‘දෙමළරාජ්ය’’ ගීත ගායනා කරන තත්ත්වයක් නිර්මාණය වීමයි. අඩු තරමින් මෙබදු ගීත තුනක් එකල භාවිතා විය.
දෙමළ රාජ්‍ය ගීත අතරින් එකක් නම් ‘‘වාල්ෂා ඊෂාත් තම්ෂාහම්, වාල්තා එන්ඞ්රූම් වාල්හාවේ (දෙමළ ඊලාම් නිජභූමිය දිගුකල් දිනේවා සදාකල් පවතීවා* යන පරම හර්ෂතාසන්ගේ ගීතයයි. තවත් ගීතයක් නම් හිටපු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රනේරු අරියනායගම්ගේ පියා වූද වර්තමානයේ අම්පාරේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී කවීණ්ඩිරන් කෝඞීස්වරන්ගේ සීයා වූද ‘‘තිරුකොවිල්’’ අරියනායගම් ලියූ ‘‘එන්ගල් ඊෂාත් තමීෂ් තිරුනාඩු, කලෙයි වාෂුම් හෙන්නාඩු’’(අපගේ ශ්‍රේෂ්ඨ ඊළාම් දෙමළ දේශය, කලාව විකසිතවන රන්වන් දේශය) යන්නයි. අරියනායගම් තම ගීතය සකස් කළේ සිනමා ගීත රචක කන්නදාසන් ‘‘මාලායි යිත්ත මාන්ගායි’’ චිත්‍රපටයට ලියූ ‘‘එන්ගල් තිරාවිඩාස් හෙන්නාඩෝ ගීතය ඇසුරිණි. තෙවන ගීතය නම් දැන් කැනඩාවේ ජීවත්වන ඊළාම්වාදී කවියකු වන කාඩි ආනන්දන් ලියූ වාෂියාවේ, වාෂියාවේ, වාෂියාවේ, එන්ගල් තන්ගා මාමානිත් තමීෂ් ඊෂාම් (දිගුකල් දිනේවා, දිගුකල් දිනේවා, දිගුකල් දිනේවා අපගේ දෙමළ ඊළාම් රන්වන් මිනිකැටය) යන්නයි.
දෙමළ අන්ත ජාතිවාදය හා ඊළාම්වාදය රජකරමින් පැවති පසුගිය දශකවලදී ‘‘දෙමළ ඊළාම් ජාතික ගීයේ’’ මෙම සියලූම ගීත ගායනා කෙරිණි. මේවා සියලූම දෙමළ සංස්කෘතික උත්සවවලදී අනිවාර්යයෙන් ගායනා කළ යුතු ‘‘දෙමළ මාතාව’’ ගේ ශ්‍රේෂ්ඨත්වය ගැන කියන ‘‘තමීෂ් තමයි වාෂ්තු’’ ගීයට වෙනස් ලෙස ඉහත කී ගී ගායනා සිදුවිය.
දෙමළ භාෂාව ‘‘දෙමළ මාතා’’ ලෙස හඳුන්වමින් ඇයට ප්රශස්ති ගායනා කිරීම දෙමළ නොවන අයට තේරුම් ගැනීමට අපහසුය. සුබ්‍රමනියම් භාරතීගේ වාල්තා නිරන්තරම්, වාලියා වාලිගාවේ, (දෙමළ භාෂාව දිගුකල් දිනේවා* හෝ භාරතිදාසන්ගේ ‘‘තමී ෂුක්කුම් අමුනේන්ද්ර පියර්, අනිතාන් තමීෂ් ඉන්බක් තමීෂ් එන්ගල් උයිරුල්ක්කු නාඉර් (දෙමළ යනු අමෘතයට නමකි. එම දෙමළ රසවත් දෙමළ අපගේ ජීවිතයට සමානය* ආදී ගීත සාමාන්‍යයෙන් සංස්කෘතික උත්සවලදී ගායනා කරනු ලබන්නේ ‘‘තමිල් තායි’’ හෙවත් දෙමළ මාතාවට උපහාර වශයෙනි.
දෙමළ සටන්කාමි සංවිධානවල නැගීමත් විශේෂයෙන්ම දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ* සංවිධානය බලවත්වීම සමඟ උතුරු නැගෙනහිර පළාත්වල දෙමළෙන් ජාතික ගීය ගැයීම ක්‍රමයෙන් අඩුවිය. නිතරම පාහේ නිල උත්සවවල සිදුවූයේ සංගීතය පමණක් වාදනය කිරීමයි උතුරු නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශයන්හි එල්ටීටීඊය බලය තහවුරු කර ගැනීමත් සමඟ ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමනු ලැබීය.
වෙනත් විකල්ප ජාතික ගීයක් ද එල්ටීටීඊයට නොතිබිණි. ඒ වෙනුවට ඔවුන් කළේ ‘‘පුල්ලික්කොඩි’’ හෙවත් කොටි කොඩියේ ගුණ වර්ණනා කිරීමයි. කොටි කොඩිය සලකනු ලැබුවේ දෙමළ ඊළාමය නැතහොත් දෙමළ ජාතික කොඩිය වශයෙනි. එල්ටීටීඊකාමියකු වන පුතුවායි ජතිනතුරෙයි ලියූ ගීතය ඊරතුහර්, කොඩි ඊරතුහර් (එය ඉහළ නගින හැටි බලන්න කොඩිය ඔසවන හැටි බලන්න* යන්නයි. එල්ටීටීඊ පාලනය යටතේ පැවති ප්‍රදේශවල උත්සවවලදී කොටි කොඩිය ඔසවන විට මෙම ගීතය ගැයීම අනිවාර්ය විය.
( ඉතිරි කොටස පසුව පළවනු ඇත )
