20 වැනි සංශෝධනය ගැන හදවතට එකඟව තීරණයක් ගන්නවා – රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අධිකරණයේ තීන්දුව ලැබුණු පසුව ඒ ගැන හදවතට එකඟව තීරණයක් ගන්නා බව රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා අද පැවති පුවත්පත් සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ ය. 20 ලෙස ගෙනෙන්නට හදන්නේ 18 සංශෝධනයේ තත්ත්වය නම් ජනතාව එම ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේ 18 සංශෝධනය නිසා බව මතක්කළ වික්‍රමනායක මහතා සිදුවිය යුත්තේ 19න් ඉදිරියට යාම මිස ආපසු අතීතයට යාම නොවන බවද පවසීය. ජනතාව ඡන්දය දුන්නේ පැලැස්තර සංශෝධන ගෙනෙන්නට නොවන බවත් , සිදුවිය යුත්තේ සංශෝධන ගෙන එම නොව අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම බවත් ඒ මහතා වැඩිදුරටත් කීය. 20 වැනි සංශෝධනයට පක්ෂ ද විපක්ෂද යි මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ය.
