කොවිඩ් රෝගීන් දෙදෙනකු හමුවීමත් සමග කටුනායක වෙළෙඳ කලාපයේ කම්හල් තුනක් මේ වන විට වසා දමා ඇති බව වාර්තා වෙයි. අද උදේ වරුවේ රෝගී සේවිකාවක හමු වී ඇති අතර සවස තවත් සේවකයකු කොවිඩ් ආසාදිත ලෙස හඳුනාගෙන ඇත. කොළඹ රාජගිරිය ප්රදේශයෙන් ද අද දින රෝගියකු වාර්තා වී තිබේ.