ආණ්ඩුවේ විමල් – බැසිල් ගැටුම ඉදිරි දෙසතියේ උග්‍ර වෙයි – දේශපාලන නිරීක්ෂකයෝ කියති

ආණ්ඩුව අභ්‍යන්තරයේ මේ වනවිට හටගෙන ඇති ගැටුම විමල් වීරවංශ කණ්ඩායම සහ බැසිල් රාජපක්ෂ කණ්ඩායම අතර ගැටුමක් ලෙස ඉදිරි සති දෙකක කාලය තුළ උග්‍ර වනු ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට් පක්ෂව හා විපක්ෂව ලෙස පසුගිය දිනවල මතු වූ ගැටුම දැන් මෙලෙස ප්‍රධාන කණ්ඩායම් දෙකක් ලෙස බෙදී ඒකිනෙකාට පහර ගැසීම දක්වා උත්සන්න වී ඇත.

මේ පිළිබඳව විශේෂ වාර්තාවක් ගෙන එන SLVLOG අන්තර්ජාල අඩවියේ දර්ශන හඳුන්ගොඩ මහතා කියන්නේ තමන් වෙනුවෙන් තම කණ්ඩායම ප්‍රබල හඬක් නොනැගීම ගැන බැසිල් රාජපක්ෂ මහතා කනස්සල්ලෙන් පසුවන බවයි.

බැසිල් රාජපක්ෂ කණ්ඩායම ඉදිරි දිනවල සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍යය ද යොදාගනිමින් ප්‍රති ප්‍රහාරයකට සුදානම් වෙමින් සිටින බව සමාජ මාධ්‍ය අඩවි ගණනාවක් මගින් හෙළිදරවු කොට තිබේ .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට එරෙහි කණ්ඩායමේ ප්‍රධාන ප්‍රහාරය බැසිල් රාජපක්ෂ මතට එල්ල වී තිබිණි. එයට හේතුව එහි සැබෑ නිර්මාතෘවරයා බැසිල් රාජපක්ෂ මහතා බවට බොහෝ දෙනාගේ පිළිගැනීමක් පැවතීමයි. ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධුර දැරීමට මෙම සංශෝධනය මගින් ඉඩ සලසා තිබීම බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ද ලක්ව ඇත.

මෙම සටනේ පෙරමුණ ගෙන සිටින්නේ විමල් වීරවංශ මහතා නායකත්වය දෙන ජාතික සංවිධාන හා භික්ෂුන් වහන්සේ ය. ඔවුන්ගේ හඬ පසුගිය දිනවල ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුයේ බැසිල් පිලට විශාල අභියෝගයක් එල්ල කරමිනි.

ඉදිරි සති දෙකේ දී මෙම ගැටුම වඩාත් උත්සන්න වනු ඇති බව දේශපාලන නිරීක්ෂකයන්ගේ මතය යි.

Photo – Sri Lanka Mirror

Leave a Reply

Your email address will not be published. Required fields are marked *