රිෂාඩ් බදියුදීන් ගේ සොයුරා නිදහස් වුණේ කොහොමද ? පුර්ණ පරීක්ෂණයක් ඉල්ලා පොහොට්ටු මන්ත්‍රීවරු 100 කගෙන් ජනපතිට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතා නිදහස් කිරීම ගැන සම්පුර්ණ පරීක්ෂණයක් ඉල්ලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් 100 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (09) භාර දී තිබේ.

මෙම නිදහස්කිරීම ගැන එම මන්ත්‍රීවරුන් තම බලවත් විරෝධය ප්‍රකාශ කොට ඇත .

අද දින  අරලියගහ මන්දිරයේදී එම ලිපිය භාර දුන් බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *