20 වැනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි ; ජනමත විචාරණයක් ඉල්ලයි

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කොට ඇති 20 වැනි සංශෝධනය ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි ඉල්ලා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද ඉදිරිපත් වී ඇත. මෙම සංශෝධනය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව තීරණය කරන ලෙස එම පෙත්සම මගින් ඉල්ලා ඇත .
පෙත්සම ඉදිරිපත් කොට ඇත්තේ ඉන්දික ගාල්ලගේ නම් නීතඥ වරයකු විසිනි.
20 වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබන සඳුදා දක්වා හැකියාව ඇත. එම කාලය තුළ තවත් පාර්ශව ගණනාවක් පෙත්සම් ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
පෙත්සම් පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදීමට සති තුනක කාලයක් නියම කොට ඇත. එම තීන්දුව ලැබෙන තෙක් මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාදයට ගත නොහැකි ය.
