කෝප් කමිටු සභාපතිකමට ආණ්ඩු පක්ෂයෙන් ම පත්කර ගනිති

පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස ආණ්ඩු පක්ෂයේ ම මන්ත්‍රීවරයකු වන මහාචාර්ය චරිත හේරත් මහතා පත්කරගනු ලැබ ඇත.

රාජ්‍ය ආයතනවල දුෂණ අක්‍රමිකතා සෙවීම මෙම කමිටුවේ ප්‍රධාන කාර්යයකි.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දැරූ අවස්ථා දෙකේ දී ම මෙම කමිටු සභාපති දුරය ලබාදුන්නේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ය. පසුගිය රජය සමයේ මෙම කමිටු සභාපතිත්වය ලබා දී තිබුනේ ජවිපෙ මන්ත්‍රී සුනිල් හදුන්නේත්තිට ය. ඔහු රාජ්‍ය ආයතනවල දුෂණ අක්‍රමිකතා සෙවීම ට හොඳින් කටයුතු කළ බව බොහෝදෙනාගේ පිළිගැනීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *