විරෝධතා මැද 20 සංශෝධනය පාර්ලිමේන්තුවට

විපක්ෂයේ බලවත් විරෝධතා මැද ආණ්ඩු ක්‍රම ව්‍යවස්තවේ 20 සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය .
එය ඉදිරිපත් කිරීමට එරෙහිව විපක්ෂය පාර්ලිමේන්තුව තුළ සටන් පාට පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක යෙදිනි.
මෙම ව්‍යවස්ථාව ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට කරුණු පැහැදිලි කිරීමේ රැස්වීමක් ඊයේ පැවති අතර එහි දී ද ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාට බලවත් විරෝධතාවකට මුහුණදීමට සිදුව තිබේ.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර , ප්‍රේමනාත් දොලවත්ත මහත්වරුන් 20 සංශෝධනයට එරෙහි ව කරුණු දක්වා තිබේ.
අවසානයේ ජනාධිපතිතුමා කියා ඇත්තේ 20 ට කරන සශෝධනයක් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ සිදුකර ගන්නා ලෙස යි.
